හිටපු ජනපති ගෝඨාභය යළි දිවයිනට පැමිණිම සඳහා අවකාශ සලසන්න: පොහොට්ටුව ජනපතිගෙන් ඉල්ලයි!

Date:

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට යළි දිවයිනට පැමිණිම සඳහා අවකාශ සලසන්න. පොදුජන පෙරමුණ ජනාධිපතිගෙන් ඉල්ලයි…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (අගෝ: 18) පස්වරුවේ නිල සාකච්ඡාවක් සඳහා ජනාධිපතිතුමා හමු වී ඇත. සාකච්ඡාව පැවැත්වුණේ ජනාධිපති කාර්‍යාලයේදී .

මෙහිදී අදහස් පළකරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේ පවතින ආර්ථික අර්බුදය විසඳමින් රට ගොඩ නැගීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරයාට පූර්ණ සහාය ලබා දෙන බවයි.

ඊට අමතරව ඔහු කියා සිටියේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ආරක්ෂිතව යළි දිවයිනට පැමිණිම සදහා කඩිනමින් අවකාශ සැලසිය යුතු බවයි. එය ශ්‍රීලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිතුමා ඇතුලු රජයෙන් ඉල්ලා සිටින ප්‍රමුඛතම ඉල්ලීම බවයි බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේ.

මීට පෙර අවස්ථා කිහිපයකදී අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහනාහිමිපාණන් ඇතුළු නායක ස්වාමීන්වහන්සේලා කිහිපනමක්ම මේ ඉල්ලීම ජනාධිපතිතුමාගෙන් සිදුකර තිබේ.

අද පැවති සාකච්ඡාවට පොදුජන පෙරමුණ වෙනුවෙන් ප්‍රසන්න රණතුංග, සාගර කාරියවසම්, රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, පවිත්‍රා වන්නිආරච්චි, නාමල් රාජපක්ෂ සහ සංජීව එදිරිමාන්න සහභාගි වුණා..

ජනාධිපතිතුමාගේ පාර්ශවයන් සාගල රත්නායක, වජිර අබේවර්ධන, රුවන් විජේවර්ධන හා ශමල් සෙනෙවිරත්න සහභාගි වී ඇත. අඛිල විරාජ් කාරියවසම්, රංගෙ බණ්ඩාර හා මහාචාර්ය ආශු මාරසිංහ මීට සහභාගීවීමට නියමිතව සිටියද අසනීප තත්ත්වයන් හේතුවෙන් මීට සහභාගී වී නොමැත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...