දකුණු කොරියාවට සහ පිලිපීනයට දැඩි වර්ෂාව

සටහන: සශිකලා මධුෂාණි
අගෝස්තු මස 18: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
දකුණු කොරියාවේ වාර්තා වූ අසාමාන්‍ය ලෙස ඉහළයන වර්ෂාපතනය හේතුවෙන් අවම වශයෙන් එක් පුද්ගලයෙකු මියගොස් තවත් සිව්දෙනෙකු තුවාල ලබා තිබේ.

විශේෂයෙන්ම Geoje නගරයට සෙනසුරාදා සිට සඳුදා(15-17) උදෑසන දක්වා මිලිමීටර් 805.7ක පමණ වර්ෂාපතනයක් ලැබී තිබේ. අධික වර්ෂාව නිසා පුද්ගලයන් 390කට ආසන්න පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කර ඇති අතර, නිවාස 3,580කට පමණ විදුලිය ඇණහිට තිබේ. පාසල් සහ ළදරු පාසල් කිහිපයකටද ජලයෙන් හානි සිදුව ඇත.

මේ අතර පිලිපීනයේ මැනිලා අගනුවර සහ අවට ප්‍රදේශවලද මෝසම් වැසි හේතුවෙන් දැඩි ගංවතුරක් හටගෙන තිබේ. ප්‍රධාන මාර්ග ජලයෙන් යටවීමත් සමඟ රථවාහන ගමනාගමනය දැඩි ලෙස අඩාල වී ඇති අතර, රජයේ කාර්යයන් අත්හිටුවීමටත් පාසල්වල පන්ති මාර්ගගතව පැවැත්වීමටත් බලධාරීන් කටයුතු කර තිබේ.

පසුගිය සති තුනක පමණ කාලය තුළ ඇති වූ මෝසම් වැසි සහ කුණාටු හේතුවෙන් පිලිපීනයේ මිලියන 5කට පමණ ජනතාවක් බලපෑමට ලක්ව ඇති අතර අවම වශයෙන් 23 දෙනෙකු මියගොස් තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෙවර භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය භෞතික විද්‍යාඥ ෆ්‍රැන්සිස් හැල්සන්ට පිරිනැමේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 06: විශ්වයේ ඈත...

ඥානසාර හාමුදුරුවන්ට කිසිම විශේෂයක් කර නැහැ. සිවුර ගැලවීම ගැන ඇමති නලින්ද කතා කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:බරපතල වැඩසහිතව සිර දඬුවමකට ලක්ව සිටින ගලගොඩඅත්තේ...

සලේ ගැන වෛද්‍ය කමිටුවේ නිර්දේශය එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර්...

කෙරවලපිටිය-කොළඹ වරාය දෙවන භූගත කේබල් ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවෙයිද?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ ,LNW : මෙරට දිගුකාලීන විදුලි...