එල්-නිනෝ කමිටුව රැස්වෙයි – වියළි කාලගුණයක් සහිත ප්‍රදේශවලට ජලය බෙදා හැරීමට අවධානය!

කොළඹ LNW:එල්-නිනෝ දේශගුණික බලපෑමට මුහුණදීම සඳහා පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතාගේ සභාපතීත්වයෙන් පත්කළ විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව සහ නිලධාරී කමිටුව තෙවැනි වරටත් ඊයේ (17) ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්වී තිබේ.

එහිදී වියළි කාලගුණය පවතින දිස්ත්‍රික්කවලට ජලය බෙදාහැරීමට විශේෂ වැඩපිළිවෙළක් සකස් කිරීම පිළිබඳව අවධානය යොමුව ඇත.

සමාජයීය වශයෙන් සෘජුවම බලපෑමට ලක්විය හැකි වැවිලි, කෘෂිකර්ම, වන ජීවී සහ ජල සම්පත් කළමනාකරණ යන අංශවලින් ඉදිරිපත් කළ ක්‍රියාකාරී සැලසුම් සම්බන්ධව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

මේ වන විට වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින මඩකලපුව, මොණරාගල, අම්පාර ඇතුළු දිස්ත්‍රික්කවල ජනතාවට අවශ්‍ය පානීය ජලය බෙදා හැරීමේ වැඩපිළිවෙළ සම්බන්ධවද විශේෂ අවධානය යොමු කර ඇති අතර, එම වැඩපිළිවෙළ දිස්ත්‍රික් ලේකම්වරු මගින් ක්‍රියාත්මක කිරීමටත්, ඒ පිළිබඳ ඔවුන් දැනුවත් කිරීමටත් මෙම කමිටුවේදී තීරණය කර ඇති බව සඳහන්.

වියළි කාලගුණික තත්ත්වය තවදුරටත් පැවතුණහොත් භූගත ජල මට්ටම පහත යාම හමුවේ ගතයුතු ඉදිරි පියවර පිළිබඳවද සාකච්ඡා කර තිබේ.

එල්-නිනෝ තත්ත්වය සම්බන්ධව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරෝකථන කෙරෙහිද අවධානය යොමුව ඇති අතර යම් හෙයකින් බලපෑමකට ලක්වන ක්ෂේත්‍රවල සුරක්ෂිතතාව වෙනුවෙන් ක්‍රියාත්මක කළ යුතු වැඩසටහන් පිළිබඳවද වැඩිදුරටත් සාකච්ඡා වී තිබෙන බවයි ඒ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

එමෙන්ම, එල්නිනෝ නවතම තත්ත්වය පිළිබඳ මාධ්‍ය මගින් ජනතාව දැනුවත් කිරීමේ වැදගත්කමද එහිදී අවධාරණය කර තිබේ.

නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ ලේකම්/කැඳවුම්කරු, නිලධාරී කමිටුවේ සභාපති/ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, පරිසර අමාත්‍යාංශයේ ලේකම් කේ. ආර්. උඩුවාවල, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශ‌යේ ලේකම් කේ. ඒ. විමලේන්තිරරාජා, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ. එල්. කේ. විජේමාන්නගේ යන මහත්වරු සහ අදාළ දෙපාර්තමේන්තුවල නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ පාසල් විරෝධතා උණුසුම් වෙයි – 250,000කට අධික පිරිසක් වීදි බසිති

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 07: ප්‍රංශයේ පාසල්...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ට වැඩි වැසි – අද (07) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 07) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

සමාගම්වලට කැමති මිලකට තෙල් විකුණන්න පුළුවන් – තෙල් සංස්ථා සභාපති

සටහන - රුවන් නෙළුගොල්ල මෙරට ඉන්ධන අලෙවියේ නියුතු ලංකා IOC,...

අල්ලස් ගත් බන්ධනාගාර සහකාර අධිකාරීවරයෙක් බන්ධනාගාරය තුළදීම අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ත්‍රිකුණාමලය රිමාන්ඩ් බන්ධනාගාරයේ සහකාර අධිකාරිවරයා අල්ලස්...