PTA වෙනුවට එන නව පනතට කැබිනට් අනුමැතිය!

ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනතේ පවතින අඩුපාඩු ආවරණය වන පරිදි, නව නීතියක් හඳුන්වා දීම සඳහා සකස් කරන ලද ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත’ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් එම යෝජනාව ඉදිරිපත් කර තිබුණි.

පවතින පනතේ අඩුපාඩු මගහරවා ගැනීම සඳහා මූලික කෙටුම්පතක් සකස් කිරීමට තාක්ෂණික විශේෂඥ කමිටුවක් පත් කරනු ලැබූ අතර, එම මූලික කෙටුම්පත පදනම් කරගනිමින් නව පනතක් හැඳින්වීමට 2026 අගෝස්තු 10 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දී තිබුණි.

නීති කෙටුම්පත් සම්පාදකවරයා විසින් සකස් කරන ලද අදාළ පනත් කෙටුම්පත සඳහා මේ වන විට නීතිපති නිෂ්කාශනය ලැබී ඇත.

ඒ අනුව මෙම පනත් කෙටුම්පත ඉදිරියේදී රජයේ ගැසට්‌ පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් නියමිතයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දුනීසියාවේ කර්මාන්තශාලාවක ගින්නක් ; තිදෙනෙකු මරුට, 36ක් අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 22 : ඉන්දුනීසියාවේ කර්මාන්තශාලාවක...

“ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමාලෝචනය”

රෂිකා හෙන්නායක නොවැම්බර් 22, කොළඹ LNW: ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක...

අම්බලන්ගොඩ ධීවර වරායේ පැවති උත්සවයේදී මොකද වුණේ?

රෂිකා හෙන්නායක නොවැම්බර් 22, කොළඹ LNW: අම්බලන්ගොඩ ධීවර වරායේ පැවති...

රතු කාඩ්පතකින් බේරුණු මෙසී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 22, කොළඹ LNW: ක්‍රීඩාවේ පවතින ඉහළ තරගකාරීත්වය...