*
Sunday, October 6, 2024
spot_img

Latest Posts

හර්ෂිතා ශතකලාභිණියන් අතරට – එහෙත් ජය අයර්ලන්තයට

සටහන – නිශ්මං රණසිංහ
අගෝස්තු 18, (LNW) කොළඹ :

හසිනි පෙරේරා කණ්ඩායම වෙනුවෙන් සිතා වඩාත් වටිනා කඩුල්ල තමා නොවන බව තේරුම් ගත්තේ නම් අයර්ලන්තය ශ්‍රී ලංකාවට එරෙහිව ලබා ගත් එක්දින තරගාවලි ජය වැළකෙන්නට තිබිණ.ජාත්‍යන්තර මට්ටමෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක ලැබූ සිව්වන ශතකය ද,ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක ලැබූ තෙවන එක්දින ජාත්‍යන්තර එක්දින ශතකයද රැස් කරමින් හර්ෂිතා සමරවික්‍රම ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැඟෙන ගිය ගමන හසිනිගේ එම තීරණය නිසා ශ්‍රී ලංකාවට පරාජය උරුම වෙමින් අවසන් විය.


කාසියේ වාසිය දිනා පළමුව පන්දු රකින්නට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පන්දු යවන්නියන් වන උදෙශීකා ප්‍රබෝධනී සහ අචිනි කුලසූරිය අයර්ලන්තයට එරෙහිව හොඳින් පන්දු යැවීය.උදේශිකා කඩුලු ලබ නොගත්ත ද සිය පන්දු ඕවර් 10 ලකුණු 47 ට ද,අචිනි පන්දු ඕවර් 10 ලකුණු 48 ට කඩුලු 2 ක් ලබා ගනිමින් ද හමාර කරන්නට සමත් විණි.දඟ පන්දු යවන්නියන් අතරින් කැපී පෙණුන කවීශා දිල්හාරි යළිත් සාර්ථක වෙමින් ලකුණු 35 ට කඩුලු 2 ක් දවා ගන්නට සමත් විය.කවීශා මෙම තරගයේ පන්දු යැවූ ආකාරය බලන විට ඇය පන්දු ඕවර් 10 යැවීමට යොදා ගත්තේනම් තවත් ලකුණු කිහිපයක අඩු ලකුණු පූවරුවක් සටහන් වන්නට තිබිණ.


කෙසේ වුව කඩුලු 5 ට අයර්ලන්තය ලබා ගත් ලකුණු 255 ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකිමේදී පෙන් වූ දුර්වලතා නොවන්නට ඊට වැඩි කඩුලු ගණනකින් ද,ඊට අඩු ලකුණු ගණනකින් ද සටහන් වී තිබෙන්නට තිබිණ.


කෙසේ නමුත් ලකුණු 255 හඹා යාමේදී ශ්‍රී ලංකාව කඩුලු 2 ක් ලකුණු 46 ට අහිමි කරගෙන තිබියදී පිටියේ එකතු වූ හර්ෂිතා මාධවී සහ කවීශා දිල්හාරි දෙවන කඩුල්ල වෙනුවෙන් අගනා, වටිනා ලකුණු 126 ක සබඳතාවයක් පවත්වමින් ශ්‍රී ලංකාවට තරගයේ ජයග්‍රහණයට අවශ්‍යය පදනම සකසා දීමට සමත් විය.ඉනික්බිති කවීශාගේ දැවී යාමෙන් පසුව පිටියට පිවිසි අනුශ්කා සංජීවනී පන්දු තුනකට පමණක් මුහුණ දෙමින් කඩුල්ල කෙළින් පැමිණි පන්දුවට පහරක් එල්ල කරන්නට ගොස් ලකුණු නොලබා දැවී ගියා ය.


එහෙත් හර්ෂිතා ඉතාමත් පහසුවෙන් පිත්ත හසුරුවමින් පීඩනය අයර්ලන්තය දෙසට යොමු කිරීම අඛණ්ඩව පවත්වාගෙන ගියාය.එහෙත් හසිනි ගේ මන්දගාමී ක්‍රීඩා රටාව නිසා දෙවන ලකුණ සඳහා යා නොහැකිව අතරමඟට පැමිණ සිටි හර්ෂිතාගේ කඩුල්ල බිලි දුන්නාය.එතැන් සිට ජයග්‍රහණය සඳහා උත්සාහ ගත් නිලක්ධි වෙනුවෙන් කඩුල්ල රැක දීමට කිසිවෙක් නොවිණි.අවසාන කඩුල්ල වෙනුවෙන් උදේශිකා සිය කඩුල්ල රැක ගනිමින් පන්දු 8 දී ලකුණු 2 ක් ගෙන දැවී ගිය අතර ඇය නිලක්ෂි සමඟ ලකණු 36 ක සබඳතාවයක් ගොඩ නඟන්නට දායක වූවාය.නිලක්ෂි නොදැවී ලබා ගත් ලකුණු 24 ඉතා වටිනා එකක් වූ අතර උදෙශීකාට පෙර පැමිණි ක්‍රීඩිකාවන් සිය කඩුල්ල බේරා ගනිමින් නිලක්ෂිට අවශ්‍යය සහය දුන්නානම් ඇයට මෙම තරගය ජයග්‍රහණය කරා රැඟෙන යන්නට තිබිණ.


අයර්ලන්තය පිතිකාරිණියන් හැම විටම ප්‍රහාරය හුදෙකලා නොකළ අතර එය සැළසුම් සහගතව සබඳතා හරහා ගොඬ නැඟූ එකක් විය.ඇමී හන්ටර් (66) සහ ලීහා පෝල් (81) අතර සිව්වන කඩුල්ලට ලකුණු 57 සබඳතාවයක් ද,පෝල් සහ රෙබෙකා ස්ටෙක්හොල් (නොදැවී 53) අතර පස්වන කඩුල්ලට ලකුණු 114 ක සබඳතාවයක් ද අතැ විණි.ශතකය සහ අර්ධ ශතකය ඉක්මවා ගිය එම සබඳතා මත අයර්ලන්ත ඉණිමේ අර්ධ ශතක තුනක් දකින්නට ලැබුණු අතර ශ්‍රී ලංකා පිතිකාරිණියන් අතරින් සාර්ථක වූයේ කවීශා සහ හර්ෂිතා පමණක් වූ අතර හර්ෂිතාගෙන් පසුව දැවී ගිය කඩුලු අතරින් සිව් දෙනෙකුම ලකුණු 2 ඉක්මවා රැස් නොකිරීම කැපී පෙණින.
පහතින් දැක්වෙන්නේ තරගයේ ලකුණු පූවරුවය.
https://es.pn/4fRp9Iw

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan