බංග්ලාදේශය කෙමෙන් යතා තත්ත්වයට!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

බංග්ලාදේශයේ වසා දැමුණු පාසල් හා විශ්වවිද්‍යාල නැවත විවෘත කිරීමට තීරණය කර තිබෙන බව වාර්තා වේ.

රැකියා කෝටා ක්‍රමය ප්‍රතිසංස්කරණය කරන ලෙස ඉල්ලා පැවැති උද්ඝෝෂණ හා ගැටුම් හේතුවෙන් එරට පාසල් හා විශ්වවිද්‍යාල පසුගිය ජුලි 17 වැනිදා සිට වසා දැමීමට එරට බලධාරීන් පියවර ගෙන තිබුණු අතර,මාසයකට අධික කාලයකින් පසු බංග්ලාදේශයේ පාසල් හා විශ්වවිද්‍යාල නැවත විවෘත කරන ලෙස එරට අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දී ඇත,

මේ අතර බංග්ලාදේශ අන්තර්වාර රජයේ උපදේශක මුහම්මද් යුනුස් සිය ප්‍රතිපත්ති එළිදක්වමින් සිදු කළ පළමු කතාවේදී එරට සරණාගතයින් ලෙස සිටින මිලියනයකට අධික රොහින්ජ්‍යාවරුන්ට සහාය දෙන බවට පොරොන්දු වී තිබෙන අතර, ආර්ථිකයට වැදගත් ඇඟලුම් කර්මාන්තය පවත්වාගෙන යාමට ප්‍රතිඥා දී ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වන්දනාකරුවන් රැගත් බස් රථයක් සහ තෙල් බවුසරයක් ගැටෙයි – 42ක් ජීවිතක්ෂයට!

කොළඹ LNW:සෞදි අරාබියේ මදීනා නගරයට ආසන්නයේදි උම්රා වන්දනාකරුවන් රැගත්...

එක්සත් ජනපද ගුවන් ගමන් සාමාන්‍ය තත්ත්වයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගුවන් සේවා අධිකාරිය...

ආතල් 21 වැනිදා!

උපාලි කොළඹගේ ආතල් 21වැනිදාට තව ඇත්තේ දින කිහිපයකි. ආණ්ඩු පක්ෂය...

ජපානයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස චීනයෙන් සිය පුරවැසියන්ට උපදෙස්!

කොළඹ LNW:චීන සංස්කෘතික හා සංචාරක අමාත්‍යංශය චීන සංචාරකයින්ට නුදුරු...