ආණ්ඩුවේ ඇමති කැරට් අල අපි කන්නෙ නෑ. ජඩ මාධ්‍ය ප්‍රචාර වලට අහුවෙන්න එපා – සජිත් (VIDEO)

Date:

සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය ආණ්ඩුව දිගු කරන ඇමති කැරට් අල අනුභව කිරීමට සුදානම් නොමැති බවත් රට වෙනුවෙන් ප්‍රතිපත්තිගරුකව රට ගොඩනගන්න රජය කරන හොද දේවල්වලට පමණක් එ්කාබද්ධ වැඩපිළිවෙළක් යටතේ පාර්ලිමේන්තු කමිටු ක්‍රමය හරහා පමණක් සහයෝගය ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

රටේ ජීවත් වන ලක්ෂ 220ක් වූ ජනතාව අසීමිත දුකකින්, අසහනයකින් සිටින අවස්ථාවක මාධ්‍ය ක්ෂේත්‍රයේ සිටින සුළු කොටසක් විසින් ව්‍යාජ ප්‍රවෘත්ති සකස් කර එම ප්‍රවෘත්ති පුවත්පත්වල සහ පසුදා සිරස්තල කියන වැඩසටහන් හරහා කියවා ජනතාව තුළ රටේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය සම්බන්ධයෙන් යම් මතයක් ඇති කිරීමට උත්සාහ දරන බවත් එහි දී සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය සුපුරුදු බලකෑදර ලාභ අපේක්ෂා දේශපාලන ගමනක යන බවට වන පුවතක් නිර්මානය කරන ඇති බවත් එම පුවත සහමුලින්ම අසත්‍ය බවත් ඊයේ (18) ඒ මහතා ප්‍රකාශ කළේය.

1% ක් වන ජඩ මාධ්‍ය දියත් කරන කුමන්ත්‍රණවලට ජනතාව හසු නොවන බවත් සමහරුන් අද කපුටන් සමග කුමන්ත්‍රනය කර කපුටු වෙබ් අඩවිවල විවිධ කටකතා ස්ථාපිත කර රටේ පොදු ජනතාව නොමග යවන නාග රාජ්‍ය මාධ්‍ය ව්‍යාපෘතියත නිරතව ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

නාග රාජ්‍ය මාධ්‍ය ව්‍යාපෘතිය හරහා ඔවුන් පසුගිය ජනාධිපතිවරණ කාලයේ කැළණි රජමහා විහාරයත්, සම්බුද්ධ ශාසනයත් තුට්ටු දෙකේ දේ්ශපාලන වෙන්දේසියකට දමා දේශපාලන වාසි වෙනුවෙන් කටයුතු කළ බවද විපක්ෂ නායකවරයා සිහිපත් කළේය.

සර්වපාක්ෂික ආණ්ඩුව හරහා ඇමති ධුර 70ක් පමණ ගජ මිතුරන්ට බෙදා දෙන ආණ්ඩුවේ සූදුවට තමන් කිසිසේත්ම සම්බන්ධ නොවන බවයි සජිත් ප්‍රේමදාස මහතා නැවතත් අවධාරණය කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නෙට්බෝල් ලෝක සූරතාවලිය වසර දෙකකට වරක් – පිරිමින්ටත් ලෝක සූරතාවක්

නිශ්මං රණසිංහ ජුනි 20, කොළඹ LNW: වසර හතරකට වරක් පැවත්...

ඊශ්‍රායලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින්ට විශේෂ පණිවුඩයක්!

රෂිකා හෙන්නායක ජූනි 20, කොළඹ LNW : මේ වනවිට ඊශ්‍රායලයේ...

තායිලන්ත විවෘත මලල ක්‍රීඩා සූරතාවලියට ලංකාවෙන් අටක්

නිශ්මං රණසිංහ ජුනි 20, කොළඹ LNW: තායිලන්තයේ තමාසාට් හී දී...

හොරු බෝ කරන ඉතාලි පාළු ගෙවල් ….

මේ ගැන කාලාන්තරයක් තිස්සෙ ලියන්න හිතා හිටියත් ලිව්වෙ නෑ....