අන්තරේ කැඳවුම්කරු ඇතුළු තිදෙනෙකු රැඳවුම් නියෝග යටතේ සිරකිරීමට පොලිසිය ඉල්ලයි

ඊයේ පැවති අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතාවක් අතරතුර අත් අඩංගුවට ගත් 19 දෙනා අතරින් 16 දෙනෙකු ඇප මත නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (19) නියම කළේය.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ගල්වැව සිරිධම්ම හිමි සහ හෂාන්ත ජවන්තු ගුණතිලය යන තිදෙනා රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇති බවයි පොලිසිය අධිකරණයට සඳහන් කර තිබුණේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග නිකුත් කළහොත් පුද්ගලයෙකු දින 90ක් අත් අඩංගුවේ තබාගැනීමේ හැකියාව පොලිසියට ලැබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍ය පොලීසියේ ක්‍රියාකලාපය ගැන චීනයේ දැඩි විරෝධය!

කොළඹ LNW:බ්‍රිතාන්‍යයේ දේශසීමා බලාත්මක කිරීමේ නිලධාරීන් චීන පුරවැසියන් දිගු...

නාමල්ට එරෙහි නඩුව ඇරඹේ.හෙට ස්ථිර මහාධිකරණය හමුවට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:එයාර්බස් සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින...

එක්සත් ජනපද මධ්‍යකාලීන මැතිවරණය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : 2026 එක්සත් ජනපද...