විපක්ෂ නායක හා දෙමළ හා මුස්ලිම් මන්ත්‍රීවරුන් අතර හමුවක්!

කොළඹ LNW:විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (19) පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී විපක්ෂය නියෝජනය කරන දෙමළ හා මුස්ලිම් මන්ත්‍රීවරුන් හමු විය.

මෙම හමුවේ දී උතුරු නැගෙනහිර පළාත්වල ජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් පුළුල් ලෙස අවදානය යොමු කිරීමට කටයුතු කරන ලදි. විශේෂයෙන් එම පළාත්වල ජනතාවගේ දෛනික ජීවිතයට බලපාන සමාජ, ආර්ථික හා සංවර්ධන ගැටලු මෙන්ම ඔවුන් මුහුණ දෙන අනෙකුත් ප්‍රාදේශීය ගැටලු සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් විසින් විපක්ෂ නායකවරයා දැනුවත් කර ඇත.

එමෙන්ම, උතුරු හා නැගෙනහිර පළාත්වල ජනතාවගේ ගැටලු පාර්ලිමේන්තුව තුළ වඩාත් පුළුල් ලෙස ඉදිරිපත් කිරීම සහ ඒ සඳහා අවශ්‍ය මැදිහත්වීම් සිදු කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී විශේෂ අවධානය යොමු විය.

මෙම හමුව සඳහා එම්. එල්. එම්. හිස්බුල්ලා, M.S.A. වසීත්, M.T.M. තහීර්, තුරෙයිරාසා රවිකරන්, ඉම්රාන් මහරුෆ්, M.S. U. ලෙබ්බේ, රවුෆ් හකීම්, වෛද්‍ය රාමනාදන් අර්චුනා, නිසාම් කාරියප්පම්, කාදර් මස්තාන්, A. අඩෙයිකලනාදන්, ශානක්‍ය රාසමානික්‍යම්, මනෝ ගනේෂන් ඇතුළු පිරිසක් එක්විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැලිගම හෝටල් වෙඩිතැබීමේ නඩුව : දේශබන්දු ඇතුළු සැකකරුවන් 08කට එරෙහිව අධි චෝදනා

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : මාතර මහාධිකරණයේදී පැවැත්වුණු...

2027 අයවැය විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට!

කොළඹ LNW:2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත මුදල් නියෝජ්‍ය...

හිටපු අගවිනිසුරු ශිරානිගේ සැමියා අල්ලස් කොමිසමේ අත්අඩංගුවට !

හිටපු අගවිනිසුරු හිටපු අග්‍රවිනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සැමියා වන...