අධිකරණ ඇමති කරන්න යන අලුත්ම වැඩේ…

රෂිකා හෙන්නායක අගෝස්තු 19, කොළඹ LNW :

බන්ධනාගාර තුළ හදිසි තත්වයක් ඇති වුවහොත් ප්‍රාදේශියව සම්බන්ධිකරණයක් පවත්වා ගනිමින් රාජ්‍ය ආයතන අතර ඒකාබද්ධ යාන්ත්‍රණයක් ඇති කිරීම තුළින් හදිසි ප්‍රතිචාර දැක්වීම සහ රැඳවියන්ගේ සුභ සාධන කටයුතු විධිමත් කිරීමේ අරමුණින් යුතුව වැඩපිළිවෙළක් සකස් කිරීමට රජය තීරණය කර ඇති අතර, එම යාන්ත්‍රණය පිහිටුවීම සම්බන්ධයෙන් කළුතර බන්ධනාගාරයේ අද (19) පෙරවරුවේ පැවති සාකච්ඡාවකදී අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා මෙම අදහස් පළ කළේය.

බන්ධනාගාර පරිශ්‍රය තුළ ඉදි කිරීමට නියමිත නව ගොඩනැගිල්ලේ ඉදි කිරීම් කටයුතු නිරීක්ෂණයට සහ කාන්තා රැඳවියන් හමු වී ඔවුන්ට පවතින ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටද අමාත්‍යතුමා සහභාගි විය.

එහිදී අදහස් පළ කළ අමාත්‍යතුමා….

හදිසි අවස්ථාවකදී ප්‍රතිචාර දැක්වීමට සහ රැඳවියන්ගේ සුභ සාධනය මුලික අරමුණ කර ගනිමින් රාජ්‍ය ආයතන සම්බන්ධ කර ගනිමින් ඒකාබද්ධ යාන්ත්‍රණය දිවයිනේ සෑම බන්ධනාගාරයක් තුළම ස්ථාපිත කරනවා. රැඳවියන්ගේ පහසුකම් බන්ධනාගාර නිලධාරීන්ගේ අවශ්‍යතා ලබාදීම පිළිබදව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කළා. බන්ධනාගාර රැඳවියන්ගේ අයිතිවාසිකම් සහ සුභ සාධනය තහවුරු කිරීම සිදු කළ යුතුයි. රැඳවියන්ට මිත්‍රශීලි මානුෂිය පරිසරයක් බන්ධනාගාර තුල පැවතිය යුතුයි. බන්ධනාගාර තදබදය අඩු කිරීම සදහා රස පරීක්ෂක වාර්තා කඩිනමින් ලබා ගැනීමේ වැඩ පිළිවෙළක් සකස් කර තිබෙනවා. බන්ධනාගාර තුළ ඇතිවන ගැටළු කලින් හඳුනා ගැනීම මෙම යාන්ත්‍රණය පිහිටුවීම තුළින් සිදු වෙනවා. ප්‍රාදේශිය රාජ්‍ය නිලධාරීන්ගේ මුලිකත්වයෙන් පිහිටුවා ගන්නා ඒකාබද්ධ යාන්ත්‍රණය මසකට වරක් රැස්ව ඉදිරි පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි. රැදවියන්ට සහ ඔවුන්ගේ ඥාතීන්ට බන්ධනාගාරවල කටයුතු සම්බන්ධයෙන් පවතින ගැටළු ඉදිරිපත් කිරීමට පවතින ක්‍රමවේදය පවතින ක්‍රමයට වඩා විධිමත් විය යුතු බවද අමාත්‍යතුමා සදහන් කළේය.

දිවයිනේ සියලු බන්ධනාගාර මුලික කර ගනිමින් මෙම ඒකාබද්ධ යාන්ත්‍රණය පිහිටුවීමට කටයුතු කර ඇති අතර, අද දිනය තුළ කළුතර, ගාල්ල, බුස්ස සහ මාතර බන්ධනාගාර මුලික කර ගනිමින් ප්‍රාදේශිය රාජ්‍ය ආයතන උසස් නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ඒකාබද්ධ කමිටු පිහිටුවන ලදී.

රාජය ආයතන එක්ව පිහිටුවා ගන්නා ඒකාබද්ධ නිලධාරීන් අවම වශයෙන් මාසයකට වරක් රැස්ව පවතින ගැටළු සාකච්ඡා කිරීම සිදු කළ යුතු වේ.

රාජ්‍ය ආයතන එක්ව ඒකාබද්ධ යාන්ත්‍රණයක් සකස් කිරීම තුළින් බන්ධනාගාර තුළ අර්බුදයක් ඇතිවීමට පෙර කලින් හදුනා ගැනීමේ හැකියාව තිබේ.

කළුතර බන්ධනාගාරයේ නිලධාරීන්ට පවතින ගැටළු සම්බන්ධයෙන් අමාත්‍යතුමා සහ නිලධාරීන් අතර සාකච්ඡාවක්ද මෙහිදී පැවැත්විණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිරිලිය නඩුව : හිටපු අගවිනිසුරු ශිරානිගේ සැමියා ඇප මත නිදහස්

හිටපු අගවිනිසුරු හිටපු අග්‍රවිනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සැමියා වන...

ශිරන්ති රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරගත කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : අල්ලස් හෝ දූෂණ...

ගෝලීය බලශක්ති අර්බුදය අවසන් නොවන බවට IMF ප්‍රධානියා අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ...