ගිනිගත් හෝමාගම රසායනික ද්‍රව්‍ය කර්මාන්ත ශාලාවට එරෙහිව නීතිමය පියවර

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා  ජනතාවට දැනුම් දෙන්නේ, ගිනිගැනීමට ලක්වූ හෝමාගම රසායනික ද්‍රව්‍ය කර්මාන්ත ශාලාව පරීක්ෂා කිරීම සඳහා රජයේ රස පරීක්ෂකවරයා එම ස්ථානයට යාමට නියමිත බවත්, රස පරීක්ෂකවරයා දැනුම් දෙනතුරු එම ස්ථානය නැරඹීමට යාමෙන් වළකින ලෙසත්ය.

පරීක්ෂණ අවසන් වන තෙක් එම ස්ථානයට ආරක්ෂාව සැපයීමට පියවර ගෙන ඇතැයිද තල්දූව මහතා පැවසීය.

පෙරේදා රාත්‍රි හෝමාගම කර්මාන්ත පුරයේ රසායනික ද්‍රව්‍ය කර්මාන්ත ශාලවක ඇතිවූ ගින්නෙන් එම කර්මාන්ත ශාලාවේ ගොඩනැගිලි දෙකකට හානි සිදුවූ අතර , පොලීසිය සඳහන් කළේ ඊයේ අළුයම ගින්න පාලනයට හැකිවූ බවත් ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැති බවයි.
 
මධ්‍යම පරිසර අධිකාරිය පවසන්නේ , ගිනිගැනීමට ලක්වූ හෝමාගම රසායනික ද්‍රව්‍ය කර්මාන්ත ශාලාවට එරෙහිව නීතිමය පියවර ගැනීමට තීරණය කර ඇති බවයි.

පාරිසරික ආරක්ෂණ බලපත්‍රයක් නොමැතිව කර්මාන්ත ශාලාව පවත්වාගෙන යාම මත එම පියවර ගන්නා බව මධ්‍යම පරිසර අධිකාරියේ අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අජිත් වීරසුන්දර මහතා කියා සිටියේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වත්තල ඔගස්ටීන් ….

වත්තල ඔගස්ටීන් භික්ෂුණීන් වගයකට අමතල. දැන් ඉන්නේ ඇතුලේ. හේතුව...

දකුණු ආසියාව ජයගත් ගුවන් හමුදා ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් ඇගයේ

නිශ්මං රණසිංහ නොවැම්බර් 04,  කොළඹ LNW: ඉන්දියාවේ රංචි නුවරදී පැවති සිව්වන...

අද (04) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 04) දිනයේදී සබරගමුව, මධ්‍යම,...