අවසන් රන්දෝලි පෙරහැර ඊයේ වීදි සංචාරයට එක්විය.

සටහන – නදීක දයා බණ්ඩාර 
අගෝස්තු 20,LNW මහනුවර :
සෙංකඩගල ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර ඊයේ (19) රාත්‍රී වීදි සංචාරයට එක්විය.

රාත්‍රී 06.57ට උතුරු දිශාභිමුඛව නාථ, විෂ්ණු, කතරගම සහ පත්තිනි යන සිව් මහා දේවලා පෙරහැර සමඟින් ශ්‍රී දළදා මාලිගාවේ පෙරහැර වීදි සංචාරයට එක්විය.

එය මහනුවර දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය, ඩී.එස්.සේනානායක වීදිය ඔස්සේ ගමන් කොට රජ වීදියෙන් යළි ශ්‍රී දළදා මාලිගාව වෙත ගෙවැදිණි.

ශ්‍රී දළදා මාලිගායේ ඇත් පන්තියට අයත් ඉන්දිරාජා ඇතු විසින් සධාතුක කරඩුව වැඩම කරවන ලද අතර දෑලේ ගමන් ගන්නා ලද්දේ කෝට්ටේ රජමහ විහාරයේ කෝට්ටේ රාජා ඇතු සහ ශ්‍රී දළදා මාලිගාවේ මියන්රාජා ඇතුන්ය.

ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පෙරහැර ගමනට එක්විය.

සිව් මහා දේවාලයන් හී බස්නායක නිලමේවරුන් ද පෙරහැර ගමනට එක්වූහ.

පෙරහැර ආරම්භයේදී වැසි ඇද හැලුණත් එය නොතකා සැදැහැවතුව් පෙරහැර නැරඹීමට සහභාගීව සිටියෝය.

ජනධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා, ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ඇතුලු පිරිසක් ද පෙරහැර නැරඹීමට එක්විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (28) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති “ඔර්නබ්”...

දූලා නික්ම ගියපසුත් ….

සති මැද්දේ දවසකඅම්මා මතක් උනා කියමින්දුව ආවාය ගෙදරට... මාළු ඇඹුල්...

කථානායකට එරෙහි විශ්වාසභංගයේ චෝදනා ආණ්ඩුවට ඕනෑ හැටියට සංශෝධනය කරන්න බෑ – විපක්ෂයේ දැඩි විරෝධය

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එල්ල වී...

ලොව විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා ලෙස හැරී කේන් කිරුළු පළඳී – කාන්තා Ballon d’Or සම්මානය ඇලෙක්සියා පුටෙලාස්ට!

සටහන – පුලී ඔක්තෝම්බර් 27, LNW (කොළඹ): ලොව පාපන්දු ක්‍රීඩකයකුට හිමි...