*
Sunday, October 6, 2024
spot_img

Latest Posts

TEST එකට පෙර TEST එක FAIL වීමෙන් ඉනික්බිති….

සටහන – නිශ්මං රණසිංහ 
අගෝස්තු 20, LNW කොළඹ:
 ඉන්දියාවට එරෙහිව විශිෂ්ඨ ජයග්‍රහණයකින් පසුව කළාපීය පරිසරයෙන් බැහැරව එංගලන්තයේ සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු පුහුණු තරගයෙන් කඩුලු 7 ක පරාජයක් ලැබීය.ඒ එංගලන්ත ජාතික කණ්ඩායම ඉදිරියේ ලද පරාජයක් නොවන නිසා ජාතික කණ්ඩායම ඉදිරියේ තත්ත්වය භයානක විය හැකිය.එහෙත් එයින් අදහස් කරන්නේ නිශ්චිත පරාජයක් අත්වන බවනම් නොවේය.

පරාජය යනු ජයග්‍රහණයේ පාඩම් මාලාවට අයත් වන එක් විෂයකි.පරාජිත තරගයේ දී ද ඒ තත්ත්වය දකින්නට තිබිණ.පළමු ඉණිමේ ලකුණු 139 ට දැවී ගිය ශ්‍රී ලංකා කණ්ඩායම එයින් උගත් පාඩම් ප්‍රයෝජනයට ගෙන දෙවන ඉණිමේදී ලකුණු 306 ක් දක්වා ඉණිම තල්ලු කර ගෙන යාම වැදගත්ය.එහිදී පළමු කඩුල්ලට ලකුණු 105 ක් එකතු කරන්නට ආරම්භක පිතිකරුවන් වූ නිශාන් මධුශ්ක සහ දිමුත් කරුණාරත්න සමත් විය.දිමුත්ගේ දායකත්වය ලකුණු ලකුණු 43 ක් වූ අතර නිශාන් මධුශ්ක ලකුණු 77 ක් ලබා ගන්නට සමත් විය.

ඇන්ජලෝ මැතිවිස් (51) සහ නායක ධණංජය ද සිල්වා ලකුණු 66 ක් ලැබීය.පිතිකරණයේ දී මුල් පෙළෙ පිතිකරුවන් ලෙස කුසල් මෙණ්ඩිස් ලකුණු 3 ට සහ දිනේෂ් චන්දිමාල් ලකුණු නොලබා දැවී නොයන්නට ශ්‍රී ලංකා මුල් පෙළට මේ ඉණිම තව ඉදිරියට ඇඳගෙන යාමේ හැකියාව හොඳින් පෙනෙන්නට ඇත.දිනේෂ් චන්දිමාල් එංගලන්තයේ දී හොඳ පිතිකරුවෙක් බවට සාක්ෂි ඇති ක්‍රීඩකයෙක්ය.එසේම කුසල් මෙණ්ඩිස්ගේ ක්‍රීඩා ජීවිතය සෘණාත්මක පැත්තට හැර වුණු නරක ඉතිහාසය බැඳෙන්නේ එංගලන්ත සංචාරයක් සමඟය.වෘත්තිමය සිතීමක් ඇතිනම් වඩාත් ඉහළ මානසික ඒකාග්‍රතාවයක් ඇතිව මේ තරගාවලිය සිය ක්‍රීඩා ජීවිතය යළික් යහපත් අතට පෙරළා ගැනීමේ මාර්ගය බවට පත් කර ගන්නට කුසල්ට ශක්තිය තිබිය යුතුය.
මෙම තරගයේ පරාජයෙන් පසුව සළකා බැලිය යුත්තේ ටෙස්ට් තරගයට පෙර දකින්නට ලැබුණු ධනාත්මක කාරණාය.ඒ මොනවාද යන්න නැවත නැවත කල්පනා කර හෙට ආරම්භ වන තරගයේදී ඒවා ප්‍රතිවාදීන්ට බලපෑමක් ඇතිවන ආකාරයට භාවිතා කරන්නේ කෙසේ ද යන්න සිතිය යුතුය.එහිදී වැදගත්ම යහපත් සාධකය ප්‍රභාත් ජයසූරිය ය.වේග පන්දු යවන්නන්ට හිතකර තණතීරුවේ ඔහු සිය දඟ පන්දුවෙන් ලබා ගත් කඩුලු ගණන 5 ක් ය.ඔහු ගැන සතුටු වෙන තරමින්ම ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් වේගයට එහා කාරණා ගැන අවධානය යොමු විය යුතුය.විශේෂයෙන් පන්දුවේ දෝලනය ඇතුළුව උපක්‍රමිකව වේගය ප්‍රයෝජනයට ගන්නේ කෙසේ ද යන්න ගැන වැඩි අවධානයකින් කටයුතු කළ යුතුය.එංගලන්ත ලයන්ස් කණ්ඩායමේ වේග පන්දු යවන්නන් වේගයට හිතකර තණතීරුවෙන් ගත් සහය ශ්‍රී ලංකා පන්දු යවන්නන් ලබා නොගැනීම පිතිකරණයේ අසාර්ථකත්වය තරම්ම අවධානය යොමු කළ යුතුය.

එංගලන්ත කණ්ඩායමට බෙන් ස්ටොක්ස්ගේ නායකත්වය අහිමි වී තිබෙන අතර ඒ වෙනුවට නායකත්වය දරන්නේ ඔලී පෝප් ය.අත්දැකීම් බහුල ජෝ රූට් වැනි ක්‍රීඩකයින් එංගලන්තයේ නැංගුරම පහත හෙළන්නට නොදෙනු ඇත.එහෙත් සාමාන්‍යයෙන් මීට පෙර අවස්ථාවලට වඩා ජීවිත අත්දැකීම්වලින් වියපත් ක්‍රීඩකයින් බහුල ශ්‍රී ලංකා කණ්ඩායමේ ය.ඒ තත්ත්වය ක්‍රීඩාවට අවශ්‍යය සංයමය සහ ඉවසීම වෙනුවෙන් යොදා ගන්නට ශ්‍රී ලංකාව උත්සාහ කළ යුතුය.එංගලන්ත කණ්ඩායමක් සෑම විටෙකම පාහේ ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා වියපත් හැඩයකින් යුතු එකකි.එහෙත් මෙවර එංගලන්ත කණ්ඩායම වයසින් තරුණය.තරග අත්දැකීම්වලින් වෙනසක් තිබිය හැකි වුව ද,වයස යාම යනු නිකං සිඳු නොවෙන දෙයක් නොවන බව ඔප්පු කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම වගකීමෙන් බැඳෙනු ඇතැයි අපි විශ්වාසයෙන් බලා සිටින්නෙමු.

බොහෝ විට පුහුණු තරගයේ දී පන්දු යැවීමට කැඳ වූ වේග පන්දු යවන්නන් දෙදෙනෙක්ට ටෙස්ට් තරගයේ දී විවේක ගන්නට සිඳු විය හැකිය.අසිත ප්‍රනාන්දු සහ විශ්ව ප්‍රනාන්දු කෙරෙහි විශ්වාසය තබන්නට ඉඩ තිබේ.බොහෝ විට මිලාන් රත්නායකගේ පළමු ටෙස්ට් තරග සහභාගීත්වය ද හෙට විය හැකිය.එසේ වුවහොත් වාරියපොළ ශ්‍රී සුමංගලය හරහා ටෙස්ට් කණ්ඩායමට පැමිණි පළමු ක්‍රීඩකයා ලෙස මිලාන්ගේ නම එක් වෙනු ඇත.

කෙසේ වුවත් ශ්‍රී ලංකා පිතිකරු බල ඇණියට ඉයන් බෙල් කර තිබෙන බලපෑම කෙතරම් ද යන්න ද අපට ටෙස්ට් තරගාවලිය තුළ දී බලා සිටින්නට හැකිය.නිශ්චිත ඉහළ පුහුණු දැණුමක් වෙනුවට ලංකාවට ආවේනික රටාවකින් ජාතික කණ්ඩායමට පැමිණෙන ක්‍රීඩකයින් පෙරට තල්ලු කිරීමේ රටාවක් අනුගමණය කරමින් සිටින සනත් ජයසූරිය,කලාපීය තණතීරුවලින් බැහැරව ඒ තත්ත්වය කළමණාකරණය කරන්නේ කෙසේ ද යන්නත් මෙහිදි අවධානයෙන් බලා සිටිය යුතු තත්ත්වයකි.බෙල් සහ සනත්, හෙට ඇරඹෙන ටෙස්ට් තරගය දෙස බලා සිටින විට හැමෝටම නිතර පෙනෙන මතක් වෙන දෙදෙනෙක් විය හැකිනම් සහ එය යහපත් තත්ත්වයක්නම් ශ්‍රී ලංකාවට පුහුණු පරාජය අකා මකා දමා සිනා සෙන්නට හැකි වනු ඇත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan