ඇසළ පෙරහැරට සමගාමීව දිය කැපීම ගැටඹේ දිය කපනා ගං තොටේදී අද පෙරවරුවේ

Date:

සටහන – නදීක දයා බණ්ඩාර 
අගෝස්තු 20,LNW මහනුවර :
ඇසළ පෙරහැර මංගල්‍යෙයේ අවසන් රන්දෝලී පෙරහැරින් අනතුරුව දිය කැපීම ගැටඹේ දිය කපනා ගං තොටේදී සිදුවිය.

අද පෙරවරු 06.50න් පසුව යෙදුණු සුබ මොහොතින් මහවැලි ගඟ මධ්‍යයේදී දිය කැපීම සිදුවිය.
අවසන් රන්දෝලි පෙරහැර නිමාවත් සමඟ සධාතුක පෙරහැර කරඩුව අස්ගිරිය ඓතිහාසික ගෙඩිගේ රජමහ විහාරයේ තැම්පත් කොට ඇති අතර දිවා පෙරහැරින් කරඩුව අද ශ්‍රී දළදා මාලිගාව වෙත වැඩම කිරීමට නියමිතය.
නාථ, විෂ්ණු, කතරගම සහ පත්තිනි සිව් මහා දේවාලයන්හි ප්‍රධානත්වයෙන් සිදුවූ දිය කැපීමෙන් පසු කටුකැලේ පුල්ලයාර් කෝවිලේදී පුද පූජා පැවැත්විමෙන් අනතුරුව දේවාල පෙරහැර, දළදා මාලිගාවේ පෙරහැර හා එක්ව දිවා පෙරහැරට එක්වේ.
දහවල් පෙරහැර පවත්වා පෙරහැර සාර්ථකව නිමාවට පත්වූ බව සඳහන් සන්දේශය දියවඩන නිලමේවරයා විසින් මහනුවර ජනපති මැදුරේ දී ජනාධිපතිවරයාට භාර දීමෙන් අනතුරුව මෙවර වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍ය නිමාවට පත්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (21) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරුමැද, මධ්‍යම,...

රාජ්‍ය සේවකයන්ගේ පුහුණුව පිළිබඳ අධ්‍යනයකට විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවේ සිවිල් සේවා විද්‍යාලයට (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල රාජ්‍ය සේවකයන්ගේ පුහුණුව පිළිබඳ අධ්‍යනයක්...

ගුවන් තොටුපොලේ තදබදය අඩුකරන්න රජයෙන් අලුත් විසඳුමක් ?

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පවතින මගී තදබදය අඩුකිරීම...