*
Sunday, October 6, 2024
spot_img

Latest Posts

ජනතාව අපිව ආදරයෙන් භාරගන්නවා.දිනේෂ්ගේ නායකත්වයෙන් අපි අලුත් සන්ධානයකුත් හදනවා – එස්.බී.

කොළඹ LNW:ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළකිරීම වෙනුවෙන් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුතුව නව සන්ධානයක් ලබන සතියේ එළිදැක්වීමට නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා පැවසුවේය.

ඒ, අද (20) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

ජනාධිපතිවරණයෙන් පසු එළඹෙන මහ මැතිවරණයටද ජනාධිපතිවරයාට සහය පළකරන මන්ත්‍රීවරු ඉදිරිපත් වන්නේ එම සන්ධානයෙන් බවයි දිසානායක මහතා කියාසිටියේ.

මැතිවරණ සටනේ ඉදිරියෙන්ම ඉන්නේ රනිල් වික්‍රමසිංහ වන අතර කන්න නැතිව බෙහෙත් නැතිව මිනිස්සු මැරෙද්දි රට බේරා ගත්තේ රනිල් වික්‍රමසිංහ මහතා බව ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.

”වැටුණ ආර්ථිකය කරකවලා ගන්න රනිල් වික්‍රමසිංහ මහතාට පුලුවන් වුණා. රටේ සාමය ඇතිකරන්න රනිල් වික්‍රමසිංහ මහතාට නැවත බලය දෙන්න ඕන.සජිත් ප්‍රේමදාස කියනවා හොරු අල්ලනවා කියලා. විජේතුංග ජනාධිපතිවරයා අරලියගහ මන්දිරයට යද්දී කලුවර කවිච්චි කලුවර අල්මරිවලට වෙච්ච දෙයක් නෑ. ෆොටෝ හොරකම් කරපු එක්කෙනෙක් ඇල්ලුවා සජිත්ට කියනවා එයාලව මුලින් අල්ලන්න කියලා. කාන්තාවක් බත්තරමුල්ලෙදී හොරසල්ලි මිටි ගානණක් එක්ක අහු උනාවුණා. සජිත්ට කියනවා මුලින් එයාලව අල්ලන්න කියලා. නාමල් ගැන මට දුකයි. පස්වෙනියාවත් වෙන්න බෑ. මුල ඉදලම මහින්ද හිටියේ තරඟ කරන්නේ නැතිව රනිල්ට උදව් කරන්න. පව් පුතා ඉල්ලන නිසා උදව් කරන්න වෙනවා.අපි සතුටින් මැතිවරණ ක්‍රියාවලිය කරනවා. මිනිස්සු ආදරයෙන් අපිව භාරගන්නවා. අපි අගමැති දිනේෂ් ගුණවර්ධනගේ මූලිකත්වයෙන් නව සන්ධානයක් හදනවා. අද එහි මූලික කටයුතු කරමින් ඉන්නේ. නව පක්ෂයක් හදමින් ඉන්නවා. පොදුජන පෙරමුණ ඇතුලු ඔක්කොම එකතුකරගෙන තමයි මේ පක්ෂය හදන්නේ. නව සන්ධානයේ නායකයා අගමැති දිනේෂ් ගුණවර්ධන. සමඟියේ ජන්ද පදනමක් තියෙන පස් හයදෙනෙක් අපි සමඟ එකතුවෙනවා. රත්නපුරේ මැතිනියකුත් අපි සමග එක්වෙනවා.” යනුවෙන් දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan