ඊශ්‍රායලයේ ටෙල් අවිව් වෙත මරාගෙන මැරෙන ප්‍රහාරයක්

Date:

සටහන: සශිකලා මධුෂාණි,
අගෝස්තු 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊශ්‍රායලයේ ටෙල් අවිව් වෙත මරාගෙන මැරෙන ප්‍රහාරයක් දියත් කර ඇති බව වාර්තා වේ.

පුපුරණ ද්‍රව්‍ය රැගෙන ආ බවට සැක කෙරෙන පුද්ගලයා මිය ගොස් ඇති අතර, පිපිරිම හේතුවෙන් මාර්ගයේ ගමන් කළ පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

හමාස් සන්නද්ධ අංශය වන අල්-කසාම් බළකාය එහි ටෙලිග්‍රාම් ගිණුමේ ප්‍රකාශයක් නිකුත් කරමින් පිපිරීමේ වගකීම භාරගෙන ඇති අතර පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් සන්නද්ධ අංශය වන අල්-කුඩ්ස් බළකාය සමඟ සහයෝගයෙන් මරණ මෙහෙයුම සිදු කළ බව හමාස් සංවිධානය එහි සඳහන් කර ඇත.

ඊශ්‍රායලය පුරා දැඩි ආරක්ෂක තත්වයක් ක්‍රියාත්මක වෙමින් පවතින අවස්ථාවක මෙම ප්‍රහාරය සිදුව ඇති අතර පිපිරීමෙන් පසු ටෙල් අවිව් දිස්ත්‍රික් අණදෙන නිලධාරියා විසින් විශාල නගර ප්‍රදේශය පුරා පුළුල් සෝදිසි කිරීම් මාලාවක් සිදුකර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පැරිස් විලාසිතා සතියේ සොඳුරු දසුන්…

රෂිකා හෙන්නායක ජනවාරි 28 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රිස් විලාසිතා...

නේපාලය නව මංසන්ධියක: නායකත්ව විකල්පයක් ලෙස බිනෝද් චෞද්‍රි

විශේෂ ලිපිකරුවකු විසිනි ජනවාරි 28, ලෝකය (LNW): නේපාලය අද දුර්ලභ...

ලොව සුපතල Ken Dollගේ වසර 65 කට පසු හෙළිවූ අපූරු රහස…

රෂිකා හෙන්නායක ජනවාරි 28 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොව සුපතල කෙන්...

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්ගේ සිද්ධියෙන් කථානායකත් වරද්දාගෙනද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ‘‘ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව පාලනය වන නීති...