සමඟියත් දැන් බේරේ වැව වගේ වෙලාද?

කොළඹ LNW:වෙනත් පක්ෂයකට එකතු කර නොගන්නා අයව සමඟි ජන බලවේගයට ගන්නේ සමඟිය දැන් බේරේ වැව බවට පත්වෙලාද යන්න විමසීමට සිදුවන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසුවේය.

ඒ, අද (20) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක සජිත් ප්‍රේමදාස සමඟ එක්වූයේ ජවිපෙ සහ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ පාර්ශවය ඔහුව ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් බවයි ගම්මන්පිල මහතා පැවසුවේ.

”ජවිපෙ නලින්ද ජයතිස්ස මැතිතුමා කියනවා චම්පික අපේ පස්සෙන් ආවා. අපි එයාව භාර ගත්තේ නෑ කියලා. ආණ්ඩුව කියනවා රනිල්ව වර්ණනා කරමින් හිටියට අපි චම්පිකව ගත්​තේ නෑ කියලා. එතකොට චම්පිකගේ තුන්වන තේරීම තමයි සජිත්. අනුර සහ රනිල් දෙන්නාම ප්‍රතික්ෂේප කළ නිසා තමයි චම්පික සජිත් ගාවට යන්නේ. අර රත්තරන් හොරෙන් ගෙනාව අලි සබ්‍රිවත් ගත්තු රනිල් චම්පිකව ගත්තේ නෑ කිව්වාම ගල්අඟුරු ගිල්ලාම කෙතරම් කළු වෙනවා ද කියන එක හිතා ගන්න පුළුවන්. කවුරුත් ගන්නේ නැති අයව සජබ ගන්නේ කාගෙත් කුණු එකතු වෙන බේරේ වැව බවට සජබ පත් වෙලා ද කියලා අපි අහන්න කැමැතියි.” යනුවෙන් ඔහු තවදුරටත් සඳහන් කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක; ලොවම මවිත කළ බොක්සිං සටන!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ප්‍රබල...

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...