අද 10 ට රට වටේම ක්‍රිකට්

Date:

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW

ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික ගමණ මඝ වැඩ සටහන යටතේ දිවයිනේ සියළු ප්‍රෙද්ශ ආවරණය වන පරිදි පාසල්,ක්‍රීඩා සමාජ,දිස්ත්‍රික් සහ පළාත් මට්ටමෙන් ක්‍රිකට් උපකරණ බෙදාදීමේ වැඩ සටහන අද (අගෝස්තු 20) පෙරවරු 10 ට රටම ආවරණය පරිදි ක්‍රියාත්මක වෙනවා.එහි ප්‍රධාන උත්සවය ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් හී සභාපති ශම්මි සිල්වාගේ සහභාගීත්වයෙන් ක්‍රිඩා අමාත්‍යංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී ක්‍රියාත්මක වෙනවා.


එම මොහොතේම එම ප්‍රධාන උත්සවයට සමගාමීව දිවයින පුරා ද ක්‍රිකට් උපකරණ බෙදාදීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කටයුතු සංවිධානය කිරීම එම දිස්ත්‍රික් ක්‍රිකට් සංගම්වල සහයෝගය සහ ආශිර්වාදය ද ඇතුව ක්‍රියාත්මක කරනවා.


මීය පෙර නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න ද මේ ආකාරයට ක්‍රිකට් උපකරණ බෙදාදීම සිඳු කරන ආකාරය දකින්නට ලැබුණත්,ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ සම්බන්ධව ඇති දිස්ත්‍රික් සම්මේලනවලට සම්බන්ධ පාසල් නියෝජිතයාගෙන් නිවැරදි තොරතුරු එම වැඩ සටහනට ලැබී නොතිබුණු බව දැක ගන්නට ලැබුණා.ඒ අනුව මේ අවස්ථාවේදී දිස්ත්‍රික් සංගම් හරහහා වඩාත් නිවැරදි කණ්ඩායම් වෙත ක්‍රිකට් උපකරණ ලඟා කිරිමක් මේ වැඩ සටහන හරහා සිඳුවනු ඇතැයි බලාපොරොත්තු තැබිය හැකියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...

වියපත් වුණත් ලස්සනට ඉන්න කවුද අකමැති…?

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : https://youtu.be/hu8inqOGAV4 65 හැවිරිදි වියේ...

කල් දැමූ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් හෙට(12) සිට 20 වැනිදා දක්වා!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : තාවකාලිකව කල් දැමීමට...

PSLV-C62 මෙහෙයුම සහ EOS-N1 (Anvesha) චන්ද්‍රිකාව

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද(11) දින...