ඇමරිකානු තානාපතිනිය සහ විපක්ෂ නායක සජිත් අතර හමුවක් … (VIDEO)

Date:

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජූලි චංග් මහත්මිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් ඊයේ (19) කොළඹ විපක්ෂනායක කාර්යාලයේ විපක්ෂ නායක කාර්යාලයේදී සිදුවිය.

දෙපාර්ශ්වය වශයෙන් වැදගත් වන කරුණු රැසක් පිළිබඳව එහිදී විශේෂ අවධානයට ලක්වූ අතර මේ මොහොතේ මෙරට තුළ පවත්නා අර්බුදය පිළිබඳව ද එහිදී සාකච්ඡාවට ලක් විණි.

දෙරට අතර පවතින දීර්ඝකාලීන සම්බන්ධතාවය පිළිබඳව මෙහිදී සිහිපත් කළ විපක්ෂ නායකතුමා ශ්‍රී ලංකාව ගොඩනැගීම වෙනුවෙන් ඇමරිකාවේ ඇමරිකාවේ සහයෝගය සහ මිත්‍රශීලී හස්තය දිගු කරන ලෙසද ඉල්ලා සිටියේය. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කොට මානව හිමිකම් සුරක්ෂිත දේශයක් වෙනුවෙන් අමෙරිකාවේ සහය හිමිවන බව තානාපතිවරිය ප්‍රකාශ කළාය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...