ඩලස්ගේ 14 කණ්ඩායමත් අමුතු වැඩකට සැරසෙන හැඩ – තෙල්,මලුත් අරන් අනුරාධපුරයට!

Date:

ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරු 14 දෙනාගේ කණ්ඩායම අද (20) අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ රුවන්වැලි මහා සෑය වැඳපුදා ගැනීමට ගොස් තිබුණි.

පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා තෝරාගැනීමේ ජන්ද විමසීමේදී ඩලස් අලහප්පෙරුම මහතාට සහය පළකළ මන්ත්‍රීවරුයි මෙලෙස කණ්ඩායමක් ලෙස මෙම ගමනට එක්ව සිටියේ.

පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් සියලුම දෙනා එක් බස් රථයකින් මෙම ගමන පැමිණීමටද කටයුතු කර ඇත.

ශ්‍රී මහා බෝධිය වැඳපුදගනිමෙන් අනතුරුව ස්වර්ණමාලි චෛත්‍යරාමාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමි බැහැ දැක අදහස් හුවමාරු කරගැනීමටද කටයුතු කර තිබුණි.

අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ රට වෙනුවෙන් ඉතා වැදගත් තීරණ කිහිපයක් ගැනීමට සූදානම් වන බවයි.

”රට වෙනුවෙන් වැදගත් තීරණ කිහිපයක් ගැනීමට ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩසිටින බවට සලකන ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ රුවන්වැලි මහා සෑය අභියස වැඩකටයුතු ආරම්භ කිරීම ඉතාම උචිතයි කියල අපි විශ්වාස කරනවා. අපේ පැරණි වැව්ගත සංස්කෘතිය සංකේතවත් කරන රජරටින් මේ ගමන ආරම්භ කිරීම තමයි අපේ අභිප්‍රාය වෙලා තිබෙන්නේ. මේ වෙලාවේ අපිට වඩා වැදගත් වන්නේ ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයයි.” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග යුද්ධය නිසා අප රටට සිදුවන බලපෑම් ගැන රජයේ අවධානය මීට වඩා යොමුවිය යුතුයි – සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල ඉරාන - ඊශ්‍රායල යුද්ධය තුළ බරපතල...

කෙහෙළියගේ බාල එන්නත් තුළ විෂ බැක්ටීරියා සහ ලුණු – ජර්මනියේ පරීක්ෂණයකින් අනාවරණය වෙයි !

කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍ය ධුරයේ සිටියදී මිලදීගත් ප්‍රශ්නගත "ඉමියුනොග්ලිබියුලීන්"...

රන් -රිදි – ලෝකඩවලට පසු අසුන නිපුනිට

නිශ්මං රණසිංහ ජුනි 19, කොළඹ LNW: වියට්නාමයේ පැවත්වෙන ආසියානු කණිෂ්ඨ...