පොහොර ඕනේ නම් ලියාපදිංචි වෙන්න – බඩ ඉරිඟු ගොවියන්ට දැනුම් දීමක්!

Date:

රසායනික පොහොර ලබා දීමේ වැඩසටහන යටතේ 2022 සහ 2023 මහ කන්නයේ බඩ ඉරිඟු වගා කරන ගොවීන් ලියාපදිංචි කිරීම දැන් ආරම්භ කර ඇති බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඒ.එච්.එම්.එල්. අබේරත්න මහතා දැනුම් දෙයි.

ලියාපදිංචිය මාර්ගගත (online) ක්‍රමයට පමණක් සිදුකරන බැවින් www.agrarian.lk වෙබ් අඩවියට පිවිස සිය තොරතුරු ඇතුළත් කර ලියාපදිංචි විය යුතු වෙයි.

බඩ ඉරිඟු වගා කරන ගොවීන්ට රසායනික පොහොර අවශ්‍ය නම් මෙසේ ලියාපදිංචිය අනිවාර්ය බවයි කොමසාරිස් ජනරාල්වරයා පවසන්නේ.

2022.08.15 සිට 2022.08.31 අතර කාලය ගොවීන්ට ලියාපදිංචිය සඳහා අවස්ථාව වෙන්කර ඇත. මාර්ගගත ක්‍රමයට ලියාපදිංචි වීමේදී යම් ගැටළුවක් පැන නැගුනහොත් තම ප්‍රදේශයේ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරයා හෝ තම ප්‍රදේශයේ ගොවිජන සේවා මධ්‍යස්ථාන නිලධාරියකුගේ සහය ලබා ගත හැකි බව අබේරත්න මහතා සඳහන් කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චාමික කොළ කණ්ඩායමෙන් කොළ එළිය විහිඳුවයි.

නිශ්මං රණසිංහ අගෝස්තු 12, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ශ්‍රී...

රේණුකා ඒකනායක ජාතික පොලිස් කොමිසමෙන් ඉල්ලා අස්වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල රේණුකා ඒකනායක මහත්මිය ජාතික පොලිස් කොමිසමේ...

Celebrity Buzz: පන් පසිඳුවන්ගේ වීර කතාවන්ට පණ දුන් බ්ලයිටන් ගේ උපන් දිනය අදයි!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...