පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමිපාණන්ගේ ආදාහන පූජෝත්සවය හෙට (21)

රෂිකා හෙන්නායක අගෝස්තු 20 , කොළඹ LNW :

අපවත් වී වදාළ අතිපූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ ආදාහන පූජෝත්සවය හෙට (21) දෙහිවල සරණංකර ක්‍රීඩාංගණයේදී සිදුකිරීමට සියළු කටයුතු සූදානම් කර ඇටි බව සඳහන් වේ.

දේශීය බොදු බැති ගී කලාව පෝෂණය කිරීමෙහිලා ප්‍රමුඛයෙකු වූ උන්වහන්සේ වසර 76ක් ආයූ වළඳා අපවත් වන විට ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපති ලෙස මෙන්ම සම්මානනීය ගී පද රචකයෙකු ලෙස ද මහත් කීර්තියක් අත්කරගෙන සිටියහ.

ජනප්‍රිය ගීත රාශියක් ක්ෂේත්‍රයට දායාද කළ උන්වහන්සේගේ දේහය මේ වන විට වැල්ලවත්ත සුදර්මාරාම විහාරස්ථානයේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර ඇත.

මොරවක ප්‍රදේශයේ උපත ලබා මෙරට කලා කෙත අස්වැද්දූ මෙම යතිවරයාණන්ගේ නික්මයාම කලාවට සහ ආගමට පිරිමැසිය නොහැකි පාඩුවකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“ඔහු සම්පූර්ණයෙන්ම ඔහුටම අනන්‍ය වූ අයෙක්”: Nana Peterka අසහාය රංගධරයාගේ සමුගැනීම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : යුගයක නිමාව සනිටුහන්...

කතානායකට විරුද්ධ ව විපක්ෂයෙන් විශ්වාසභංගයක්….

ඔක්තෝබර් 08, කොළඹ LNW : කතානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතාට...

මැතිවරණ නීති පිළිබඳ අතුරු වාර්තාවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : පළාත් සභා මැතිවරණ...

එක් පවුලකට රු. ලක්ෂ 50ක්: කන්දකැටියේ පවුල් 41කට නව නිවාස ඉදිකිරීමට මුල්ගල්..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : දිට්වා ආපදා තත්ත්වය...