1980 දශකයේ මැද භාගයේදී නන්දා මාලිනියගේ ගීත ගුවන් විදුලියේ විකාශය කිරීමට තහනමක් පැනවුණු අතර යම් කලකට පසුව ඒ තහනම ඉවත් කෙරිණි. ඒ මොහොතේ රත්න ශ්‍රී විජේසිංහයන් විසින් ලියන ලද කවියක් දිවයින පුවත්පතේ පළවූ අතර 1988 එළිදුටු “සුබ උදෑසන” කාව්‍ය සංග්‍රහයට ද එම කවි පෙළ මෙසේ එක්ව තිබිණි.
**************
පෙරළා පැමිණි කෙවිලිය
(නන්දා මාලිනියගේ ගුවන්විදුලි තහංචිය නිමාවෙයි)
රුවයි රතට අඟහරු තාරකාවා
ඉතින් අහස බැලුවා – නුඹ නො ආවා
ඇවිත් ගං ගොඩේ හද මඬල ගාවා
කෙවිල්ලියේ නුඹ හැඬලූ වෙලා වා
ඉද්ද පෙති දෙපෙති වදපෙති සුබාවා
සංහිඳේ නුගේ මල් මාලිගාවා
රත්තරන් පැළඳ නැඟුවා හිනාවා
නුඹේ හඬට බක්මහ ගෙදර ආවා
සක්වලාව ඉර මුදුනට ඇවිත් ඇතී
රුක් මුදුනේ ඈ රැකදෙන් වනස් පති
වැද්දන් අත දුනු ඊතල ගණන් නැති
මක්කරමු ද ඈ වැටුනොත් සරස්වතී?
ගෝරි මන්ද හොට දෙකොණින් වැටෙන මුසා
කේජු කියා වළඳන දිවි රකින ලෙසා
නාකි කණ කොකුනි හඬවන සතර දිසා
නාඬ ඉඳිව් ඈ කිසිදින නොමළ නිසා
කෑල මලට උණුහුම උවමනාවී
පාර බලා හිටියේ කෝකිලාවී
රෑට සීතලට තරු බය නො වේවී
තාම උණුයි නුඹෙ හඬ දේවතාවී
~ ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ


