ස්පාඤ්ඤයේ කැනරි දූපත්වල ලැව්ගිනි : 26,000කට අධික පිරිසක් ආරක්‍ෂිත ස්ථාන කරා යොමු කෙරේ

Date:

ජනප්‍රිය සංචාරක ප්‍රදේශයක් වන ස්පාඤ්ඤයේ කැනරි දූපත් වල පාලනයකින් තොරව පැතිර යන ලැව්ගිනි හේතුවෙන් 26,000කට අධික පිරිසක් ආරක්‍ෂිත ස්ථාන වෙත යොමුකර ඇතිබව වාර්තා වේ.

උණුසුම් සහ වියලි කාලගුණය මධ්‍යයේ ස්පාඤ්ඤයේ උසම කඳු මුදුන වන මවුන්ට් ටයිඩ් ගිනි කන්ද අවට කඳුකර ජාතික වනෝද්‍යානයේ බදාදා ඇති වූ ගින්න හේතුවෙන් මේ වන විට හෙක්ටයාර 5000ක් (අක්කර 12,000ක්) පමණ 50km (සැතපුම් 30ක්) පමණ ගින්නෙන් දැවී විනාශවී ඇත. දේශගුණික විපර්යාස හේතුවෙන් බලපෑමට ලක් වූ කාලගුණික රටා වෙනස් වීම හේතුවෙන් මෑත වසරවලදී දූපත් වෙත වෙනත් වසරවලට වඩා අඩු වර්ශාපතනයක් ලැබිණු අතර පසුගිය මාස කිහිපය පුරා දැඩි නියගයක් ද පැවතිණි.

මේ සම්බන්ධයෙන් විද්‍යාඥයින් පවසා තිබුණේ, ආන්තික කාලගුණික විපර්යාස හේතුවෙන් ඉදිරියේදී දේශගුණික වෙනස්කම් නිතර නිතර ඇතිවනු ඇති බවයි.

සශිකලා මධුෂාණි-Outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (29) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 29) දිනයේදී ඌව පළාතෙත්...

හිටපු ඇමති ඩග්ලස් දේවානන්දා රිමාන්ඩ්

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා 2026 ජනවාරි...

ඉදිකිරීම් අවසන් අදියරේ පසුවන ස්ප්‍රින්ංවැලි Bailey Bridge!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW : දිට්වා සුළිකුණාටුවෙන්...