ස්පාඤ්ඤයේ කැනරි දූපත්වල ලැව්ගිනි : 26,000කට අධික පිරිසක් ආරක්‍ෂිත ස්ථාන කරා යොමු කෙරේ

ජනප්‍රිය සංචාරක ප්‍රදේශයක් වන ස්පාඤ්ඤයේ කැනරි දූපත් වල පාලනයකින් තොරව පැතිර යන ලැව්ගිනි හේතුවෙන් 26,000කට අධික පිරිසක් ආරක්‍ෂිත ස්ථාන වෙත යොමුකර ඇතිබව වාර්තා වේ.

උණුසුම් සහ වියලි කාලගුණය මධ්‍යයේ ස්පාඤ්ඤයේ උසම කඳු මුදුන වන මවුන්ට් ටයිඩ් ගිනි කන්ද අවට කඳුකර ජාතික වනෝද්‍යානයේ බදාදා ඇති වූ ගින්න හේතුවෙන් මේ වන විට හෙක්ටයාර 5000ක් (අක්කර 12,000ක්) පමණ 50km (සැතපුම් 30ක්) පමණ ගින්නෙන් දැවී විනාශවී ඇත. දේශගුණික විපර්යාස හේතුවෙන් බලපෑමට ලක් වූ කාලගුණික රටා වෙනස් වීම හේතුවෙන් මෑත වසරවලදී දූපත් වෙත වෙනත් වසරවලට වඩා අඩු වර්ශාපතනයක් ලැබිණු අතර පසුගිය මාස කිහිපය පුරා දැඩි නියගයක් ද පැවතිණි.

මේ සම්බන්ධයෙන් විද්‍යාඥයින් පවසා තිබුණේ, ආන්තික කාලගුණික විපර්යාස හේතුවෙන් ඉදිරියේදී දේශගුණික වෙනස්කම් නිතර නිතර ඇතිවනු ඇති බවයි.

සශිකලා මධුෂාණි-Outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...

අල්ලස් චෝදනාවට සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්...