කාවින්ද ගැන අසත්‍ය තොරතුරු පළ කළ අය 29 වන දින තෙක් රිමාන්ඩ්!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 21, කොළඹ (LNW):

පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන සම්බන්ධයෙන් අන්තර්ජාලය උපයෝගී කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු පළ කරන ලදැයි අත්අඩංගුවට ගත් සැකකරුවන් 04 දෙනකු ලබන 29 වන දින තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස අධිකරණය ඊයේ (20) නියෝග කළේය.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි සේනාධීරගේ දොන් කාවින්ද හේෂාන් ජයවර්ධන විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය වෙත කරන ලද පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන් සිවුදෙනකු එලෙස රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

අන්තර්ජාලය උපයෝගී කරගනිමින් පැමිණිලිකරු පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ අශ්ශීල හා අසත්‍ය තොරතුරු ඇතුළත් පළ කිරීම, ප්‍රචාරය කිරීම හා ආධාර අනුබලදීම සම්බන්ධයෙන් අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය වෙත දන්වා සිටියේය.

සැකකරුවන් ෆේස් බුක් පිටු කිහිපයක් උපයෝගී කර ගනිමින් අදාළ වරදවල් කර ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දන්වා සිටියේය.

ගල්කිස්ස පදිංචි සහන් ෆොන්සේකා, අත්තිඩිය පදිංචි අරෝෂ ලියනගේ, ගිනිගත්හේන පදිංචි තාරුක වනසිංහ ඇතුළු සැකකරුවන් සිවුදෙනා රිමාන්ඩ් භාරයේ තබන ලෙස අධිකරණය නියෝග කළේය .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශ යුවතියකගේ නික්ම යෑම – French actress Brigitte Bardot dies aged 91

සටහන – පුලී දෙසැම්බර් 28, කොළඹ (LNW):  ප්‍රංශ තිර පුරාවෘත්තයක්...

ජපානයේ අධිවේගී මාර්ගයක වාහන 50ක් එකිනෙක ගැටීමෙන් දෙදෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 28: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: මධ්‍යම ජපානයේ...

වසර පහකට පසුව මියන්මාර හමුදා පාලනයෙන් පවත්වන මැතිවරණයත් මුලාවක්?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: මියන්මාර හමුදා පාලනය විසින් 2021 වසරේ...

දේශපාලන අස්ථාවරත්වය අවසන් කිරීමේ උත්සාහයක් ලෙස කොසෝවෝහි හදිසි මැතිවරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වසරක දේශපාලන අස්ථාවරත්වය...