යල කන්නයේ අස්වනු නෙලන කාලයේ රජය වී මිලදී ගැනීම සිදු නොකරන්නේ ඇයි ? – සජිත් ප්‍රශ්න කරයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

රජයේ වී අලෙවි මණ්ඩලය මඟින් මේ කන්නයේදී සහ පසුගිය කන්නයේ දී මිලදී ගත් වී ප්‍රමාණය සහ එය එම කන්න දෙකේ සමස්ත අස්වැන්නෙන් කොපමණ ප්‍රතිශතයක්ද යන්න පිළිබඳව දැනගැනීමට අවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

රජය මේ වන විට වී මිලදී ගැනීම හරියට නොකරන බවත් ස්ථාවර මිලකට වී මිලදී ගන්නවා යැයි කීවත් එසේ වී මිලදී නොගන්නා බවත් පෙන්වා දුන් විපක්ෂ නායකවරයා වී මිල දී ගැනීම නතර කිරීමට හේතු දැන ගැනීමට අවශ්‍ය බවත් සඳහන් කළේය.

එසේම වී මිල දී ගන්න වෙන් කළ ප්‍රතිපාදන ප්‍රමාණයත්, වී මිල දී ගැනීමට රජයේ අවම මැදිහත්වීම නිසා මහාපරිමාණ වී මෝල් හිමියන්ගේ ඒකාධිකාරියක් හටගෙන ඇති හෙයින් මෙම ඒකාධිකාරිත්වය පාලනයට ගෙන ඇති පියවර දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

යල කන්නයේ අස්වැන්න නෙලන මොහොතේ වී මිල අඩු වී ඇති බවත් ගොවි ජනතාවගේ වී නිෂ්පාදනයට ස්ථාවර මිලක් යටතේ වී මිලදී නොගන්නේ ඇයිද යන්න බරපතළ ගැටලු‍වක් බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ අද (21) පාර්ලිමේන්තුව අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලක්ෂ්මන් යාපාගේ අලස් නඩුවටත් නියෝගයක් ලැබෙයි!

කොළඹ LNW:හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ...

අපිව මෙහෙම ගෙන්වන එක අපිටත් හොදයි.3% දායක සභාවටත් හොඳයි – FCID ආපු මනූෂ කියපු කතාව

කොළඹ LNW:ඉතිහාසය විසින් ගොඩනගා තිබෙන හොරු, වංචාකාරන් පිළිබඳ ඇත්ත...

අධිකරණ සේවා කොමිසම රජය අපහසුතාවට පත්කිරීමේ කුමන්ත්‍රණයකද ??

අධිකරණ සේවා කොමිසම විසින් ලබාදී ඇති ස්ථාන මාරුවීම් සහ...

ඩයලොග් ඇරඹුමට කොළඹින් කණ්ඩායම් 40

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ශ්‍රි ලංකා වොලිබෝල් සම්මේලනය...