*
Thursday, September 19, 2024
spot_img

Latest Posts

සජිත්ට ඇගිල්ල දිගුකරමින් තලතා කිව්වේ ඇත්ත ඇති සැටියෙන්ම ද?

කොළඹ LNW:එකම කඳවුරේ දෙදෙනෙකු තරඟ කිරීමට ගත් තීරණය නිසා ජනාධිපති වීම කෙසේවෙතත් පරාජයට පත්වුවහොත් අප සියල්ලන්ටම සිදුවන්නේ දේශපාලන සියදිවි නසා ගැනීමක් බව මන්ත්‍රී ධූරයෙන් හා සමඟි ජන බලවේගයේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස් වූ තලතා අතුකෝරල මහත්මිය අද (21) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවැසුවාය.

එදා හොරුන්ගේ නැව ගිලෙන විට එළියට පැන්න හොරු,දුෂිතයින් ඉවක් බවක් නැතුව අද අපේ පක්ෂයට, සමඟි ජන බලවේගයට ඇතුල් වෙමින් සිටින බවයි අතුකෝරල මහත්මිය සඳහන් කළේ.

දෙපාර්ශවයට එකතුවීම සදහා අවස්ථා කිහිපයකදීම රනිල් වික්‍රමසිංහ මහතා ආරාධනා කළද සජිත් ප්‍රේමදාස මහතා විසින් එය ප්‍රතික්ෂේප කිරීම ප්‍රශ්න සහගත බවත් සජිත් ප්‍රේමදාස මහතාට අවශ්‍යව තිබුණේ ඉක්මණින් ජනාධිපති වීමේ අවශ්‍යතාවද යන කාරණය මතුවන බවත් ඇය තවදුරටත් පවසන ලදී.

සජිත් ප්‍රේමදාස මහතා තව වසර පහක් ඉවසුවා නම් මෙවැනි දේශපාලන අභියෝගයකට මුහුණ දීමට සිදුනොවන බවද අතුකෝරල මහත්මිය කියාසිටියාය.

”අද අපේ මව් රට බරපතල විදිහට ආර්ථික වශයෙන් කඩා වැටී බංකොලොත් පත්ව තිබෙනවා. ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි අපි ජනතාවක් ලෙස මගේ මව් රටට මුහුණ පාන්නට සිද්ධ වුණේ. මෙවැනි ආර්ථිකමය පරිහානියකට මුහුණ දී සිටින අවස්ථවක තමයි රටක් වශයෙන් ජනතාවක් වශයෙන් අපට තීරණාත්මක ජනාධිපතිවරණයකට මුහුණ දීමට සිදුව තිබෙන්නේ. එදා ගෝඨාභය රාජපක්ෂ පාලනයට එරෙහිව සිදු වූ ජනතා අරගලයෙන් පසු මේ රටේ ජනතාව වඩා බුද්ධිමත් වී ඇති බව අපි සැවොම තේරුම්ගත යුතුයි. එම නිසා 2019 හා 2020 මැතිවරණවලදී සිදුකළා මෙන් තවදුරටත් ජනතාව රවටන්න,මුලාකරන්න,ඉටුකළ නොහැකි පොරොන්දු ඉදිරිපත් කරමින් ඉදිරියට යාමට බැරි බව මාගේ විශ්වාසයයි. ඒත් සමහර දේශපාලඥයින් තවමත් එයට උත්සහ කරමින් කටයුතු කරන බව මට පෙනී යනවා. මෙම ජනාධිපතිවරණයේදී ජනතාව ඔවුන්ට නොරැවටෙන බවත් එසේ ජනතාව රැවටීමට ඔවුන්ට ඉඩ දිය යුතු නැති බවත් මාගේ මතයයි. මට මන්ත්‍රී ධූරය අත්හැරීම ගැන මගේ හිතට කිසිම බරකක් නැහැ. මම කලින් දේශපාලනය කළ කෙනෙක් නොවෙයි. මම කලින් කීයූ පරිදි මාගේ දේශපාලන ආගමනයත් හදිසි අහම්බයක්. 1991 ලලිත් ඇතුලත්මුදලි මහතා සහ ගාමිණී දිසානායක මහතා ප්‍රමුඛ කණ්ඩායම අලියට එරෙහිව රාජාඅලියා පක්ෂය ගොඩනැගුවත් එක්සත් ජාතික පක්ෂය දෙකඩ කරන්න හෝ පරාජිත පක්ෂයක් කරන්න හෝ ඔවුන්ට හැකියාවක් ලැබුණේ නැහැ. නමුත් 2020 සමඟි ජන බලවේගය හැටියට අපි අති බහුතරයක් දෙනා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වී ගිය පසු තමයි පක්ෂය දෙකඩ වීමේ යතාර්ථයක් බවට පත්වුණේ. 1951 බණ්ඩාරනායක මහත්තයට බැරි වූ දේ 1991 ගාමිණි දිසානායක හා ලලිත් ඇතුලත් මුදලි මහත්වරුන්ට බැරි වූ දේ 2020 සජිත් ප්‍රේමදාස මැතිතුමා ඇතුළු කණ්ඩායමට පුළුවන් වුණේ එහෙමයි. එදා අපට එය ලොකු හාපන්කමක් ලෙස පෙනුනා. පක්ෂය දෙකඩ නොවී ඒ ප්‍රශ්නය විසඳගන්න බැරි වුණේ ඇයි කියන එක එදා එළියට ආපු මන්ත්‍රීවරු අතර මමත් හිටියා. දෙකඩ වීම පිළිබඳව මගේ කැමැත්තක් තිබුණේ නැහැ. මීට දශකයකට එහා පක්ෂයේ නියෝජ්‍ය නායක ධූරයට සජිත් ප්‍රේමදාස මැතිතුමා පත්විය යුතු බවට දැඩි ස්ථාවරයක සිටි අතලොස්ස අතර මාද සිටි බව මේ අවස්ථාවේ මගේ මතකයට නැගෙනවා. 2020 ඔවුන් සමඟ පක්ෂයෙන් බැහීමට මා තීරණය කළේ සජිත් ප්‍රේමදාස මහතා පිළිබඳව තිබුණු දැඩි විශ්වාශයකිනි. අප අතර පුද්ගලික ප්‍රශ්නයක නැහැ. මේ ජනාධිපතිවරණයේදී අපි ජයග්‍රහණය කරන්න නම් අප එකතු වී මිස වෙන් වෙන්ව තරඟ කිරීම ප්‍රයෝගික නැහැ. රනිල් වික්‍රමසිංහ මහතා අපට එකතු වෙන්න කියා දිගින් දිගටම ආරාධනා කරද්දී සජිත් ප්‍රේමදාස ඒක ප්‍රතික්ෂේප කළේ ඇයි කියන එක මට හිතාගන්න බැහැ. මට වෙලාවකට හිතෙන්නේ සජිත් ප්‍රේමදාස මහතාට ඉක්මණින් ජනාධිපති වීමේ හදිස්සියක් තියෙනවදෝ කියා. එදා 3%ක්ව තිබුණු ජනතා විමුක්ති පෙරමුණ අද ජාතික ජන බලවේගය නමින් පුළුල් කඳවුරක් බවට පත්වෙමින් තියෙද්දී එදා මේ රටේ තිබුණ දේශපාලන කඳවුර සහ දැවැන්තම දේශපාලන පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂය දෙකට බෙදී ඇත්තේ ඇයි කියන එක අපේ ඔළුවේ හැම තිස්සෙම වැඩ කරනවා. අද අපේ ප්‍රධාන කඳවුරේ නායකයාත් නියෝජ්‍ය නායකයාත් තරඟකරුවෝ වෙලා. ඉතින් එහෙම එකම කඳවුර දෙකට බෙදිලා දෙන්නෙක් තරඟ කරනවා කියන්නේ දැන දැනම කරන ඔලමොට්ටල වැඩක් නොවෙයිද? ස්වභාවධර්මය විසින්ම එම සියලු බාධක ඉවත්කර අපේ නිසැක ජයග්‍රහණය බන්දේසියක තබා පිළිගන්වා තිබියදී ඇයි අපි ප්‍රතික්ෂේප කරන්නේ. ඇයි මේ සරළ සත්‍ය තේරුම්ගන්න බැරි. ඇයි මේ අනවශ්‍ය අවදානමක් ගන්නේ.

එකම කඳවුරේ දෙන්නෙක් තරඟ කිරීමට ගත් තීන්දුව නිසා රටේ ජනාධිපති වීම කෙසේවෙතත් මේ පාර පැරදුණොත් අපි සියලු දෙනාට දේශපාලන සියදිවි නසා ගැනීමක් බව මගේ හැඟීමයි. ගරු කථානායකතුමනි,ඇයි මේ තිත්ත ඇත්ත අපට තේරුම් ගන්න බැරි. රනිල් වික්‍රමසිංහ මහතාට එල්ල කළ චෝදනාව හොරු සමඟ වාසය කියල.එතකොට දැන් මොකද වෙන්නේ එදා හොරුන්ගේ නැව ගිලෙන විට එළියට පැන්න හොරු,දුෂිතයින් ඉවක් බවක් නැතුව අද අපේ පක්ෂයට සමඟි ජන බලවේගයට ඇතුල් වෙලා. කාලයක් එකිනෙකට මරාගත්ත නයි මුගටි දෙගොල්ලෝ අද ඔවුන් ගසාගෙන යන සැඩ පහරින් බේරෙන්න සමඟි ජන බලවේගය නමැති කොටේට නැගල ඒක තදින් බදාගන්න දරන උත්සාහය එතන දේශපාලන නයි මුගටි පමණක් නොව ක්‍රීඩාවේ නයි මුගටි ව්‍යාපාරික නයි මුගටි ඇතුළු විවිධ ක්ෂේත්‍රවල නයි මුගටි එකතු වෙලා ඉන්නවා. මට නම මේ තත්ත්වය ඇත්තටම ඉවසන්න අමාරුයි. සජිත් ප්‍රේමදාස මහතාට තව අවුරුදු පහක් ඉවසන්න පුළුවන් වුණා නම් අද අපිට මේ දරුණු අභියෝගය නැහැ. මම සජිත් ප්‍රේමදාස මැතිතුමාට කියන්නේ ඔබව ඔය අගාධයට තල්ලු කරන අයගේ එකම බලාපොරොත්තුව වෙන්නේ ඔබව ජාන්ධිපතිකරන එක නෙවෙයි ඔවුන් ඊළඟට පාර්ලිමේන්තුවට එන එක.” යනුවෙන් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan