ගාසා නගරය අත්පත් කර ගැනීම වෙනුවෙන් ප්‍රහාර ආරම්භ කළ බව ඊශ්‍රායල හමුදාව කියයි

Date:

සටහන: සශිකලා මධුෂාණි

අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා නගරය මුළුමනින්ම අල්ලා ගැනීම හා අත්පත් කර ගැනීම වෙනුවෙන් මුලික ප්‍රහාර දියත් කළ බව  ඊශ්‍රායල හමුදාව (IDF) නිවේදනය කර තිබේ.

සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ ගිවිසුමක් සම්බන්ධයෙන් හමාස් සමඟ කළ සාකච්ඡා බිඳ වැටීමෙන් පසු ඊශ්‍රායල රජය මුළු ගාසා තීරයම යටත් කර ගැනීමේ අභිප්‍රාය නිවේදනය කරන ලදී.

ඊශ්‍රායල් ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් ප්‍රකාශ කර තිබුණේ, ත්‍රස්තවාදී සංවිධානය සඳහා රජයේ සහ මිලිටරි භීෂණයේ බලකොටුවක් වන ගාසා නගරය අත්පත් කර ගැනීම වෙනුවෙන් 60,000කට අධික හමුදාවක් යොදවා ඇති බවත්, සෙයිටවුන් සහ ජබාලියා ප්‍රදේශ දැනටමත් හමුදාව භාරයේ පවතින බවත්ය.

ගාසා තීරයේ හමාස් සංවිධානය විසින් තවමත් රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් 50 දෙනාගෙන් 20 දෙනෙකු ජීවතුන් අතර සිටින බව විශ්වාස කරන අතර 2023 ඔක්තෝබර් 7 වන දින දකුණු ඊශ්‍රායලයට හමාස් නායකත්වයෙන් එල්ල වූ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ මෙහෙයුමක් දියත් කළ අතර එහිදී පුද්ගලයින් 1,200 ක් පමණ මිය ගොස් තවත් 251 දෙනෙකු ප්‍රාණ ඇපයට ගෙන තිබුණි.

එතැන් සිට ඊශ්‍රායලය දියත් කරන ලද ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ අවම වශයෙන් පුද්ගලයින් 62,122 ක් මිය ගොස් ඇති තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති අතර ජාත්‍යන්තර රතු කුරුස කමිටුව (ICRC) මේ අතර පැවසුවේ තවදුරටත් අවතැන් වීම සහ සතුරුකම් තීව්‍ර වීම ගාසා තීරයේ මිලියන 2.1 ක ජනගහනය මුහුණ දී සිටින ව්‍යසනකාරී තත්වය තවත් නරක අතට හැරීමේ අවදානමක් ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශකීරාගේ නමින් කැස්බෑ පොසිලයක්!

සටහන – පුලී නොවැම්බර් 22, කොළඹ (LNW): කොලොම්බියානු පාෂාණ විද්‍යාවේ...

පහළ කඩුගන්නාවේ නායයෑම : මරණ සංඛ්‍යාව 6 දක්වා ඉහළට. මුදාගැනීමේ මෙහෙයුම අවසන්

සටහන - රුවන් නෙළුගොල්ල පහළ කඩුගන්නාව ගනේතැන්න ප්‍රදේශයේ අද (22)...

ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු හැඟවීම් නිකුත් කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ඉදිරි පැය...

පහළ කඩුගන්නාවේ නායයෑම : මරණ සංඛ්‍යාව තවත් ඉහළට. නුවර – කොළඹ මාර්ගය හෙටත් වසාදැමේ !

සටහන - රුවන් නෙළුගොල්ල පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ සිදුවූ නායයාමෙන්...