කොයි අතට පෙරළෙයිද? සනත් – මාලිංග කල්පනාවෙන්

සටහන – නිශ්මං රණසිංහ 

අගෝස්තු 21, කොළඹ LNW: සිම්බාබ්වේ සංචාරය පමණක් නොවෙයි ආසියානු කුසලානයත් ළඟ ළඟ තිබියදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්නන්ට ලසිත් මාලිංගගේ අත්දැකීම් සමඟ උපදෙස් ලබා ගැනීමටත් අවස්ථාව ලැබුණා. ලසිත් පවසන්නේ ඔහු ලංකාවට පැමිණි මොහොතේ කළ ඉල්ලීමකට අනුව මේ අවස්ථාවට සහභාගි වූ බවයි.

එහිදී තම්නගේ අතීත අත්දැකීම් සමඟ ඔහුගේ සාර්ථකත්වයට හේතු වූ සාධක මෙන්ම පන්දු යවන්නන් පන්දු යැවීමේදී අවධානය යොමු කළ යුතු තැන් මෙන්ම පන්දු පිටිය සැකසීමේ දී සැළකිය යුතු කරුණු ගැන පවා ලසිත් සිය අදහස් ක්‍රීඩකයින් සමඟ හුවමාරු කර ගෙන තිබෙනවා.

එහෙත් ක්‍රිකට් අවිනිශ්චිතයි.විස්සයි විස්ස වැනි ආකෘතියක ඒ අවිනිශ්චිත අපූර්වත්වය වැඩියෙන් රැදී තිබෙනවා.ඒ තත්ත්වය අනුව බොහෝ දේ තීරණය වෙනවා.පිටිය තැලෙන රෝදය කවරක්ද කියන කාරණයේ සිටම හරිම තේරීම වැදගත් වෙනවා.ලසිත්ගේ පුහුණු සැසිය අතර පුහුණුකරු සනත් සමඟ මේ කතා කරන්නේ ද කොයි අතට පෙරළේද කියන අවිනිශ්චිත බව විය නොහැකිද?
ඇත්තට පෙරළෙන හැටි බලන්නට සිම්බාබ්වේ සංචාරය සිඳුවන තෙක්ම අපට බලා සිටන්නට වෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක; ලොවම මවිත කළ බොක්සිං සටන!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ප්‍රබල...

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...