රනිල් හෙට CIDයට එන බව දැනුම් දෙයි. මාධ්‍ය හමුවකුත් පවත්වා විදෙස්ගත වෙන්නත් සූදානම් !

Date:

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (22) දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණෙන බව දැනුම් දී තිබේ.

ඒ, ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පැමිණෙන ලෙස එම දෙපාර්තමේන්තුව විසින් කරන ලද කැඳවීමක් අනුව ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව කොළඹ මල්පාරේ පිහිටි තම කාර්යාලයේදී මාධ්‍ය හමුවක් පැවැත්වීමට ද ඒ මහතා කටයුතු සූදානම් කර ඇති බව සඳහන්.

එම මාධ්‍ය හමුවෙන් පසුව ඒ මහතා නේපාලයේ සහ ඉන්දියාවේ සංචාරයක් සඳහා පිටව යාමට නියමිත බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

රනිල් වික්‍රමසිංහ මහතාව හෙට දිනයේදී අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරෙනු ඇති බවට ආණ්ඩුවට හිතවත් යූටියුබ් නාලිකා හිමිකරුවකු වන සුදත්ත තිලකසිරි විසින් පවසා ඇත්තේ හුදෙක් ඔහුගේ යූටියුබ් නාලිකාවේ නැරඹුම් වාර සංඛ්‍යාව වැඩිකර ගැනීමේ අරමුණින් ටික්ටොක් හරහා සිදුකෙරෙන ප්‍රචාරක කටයුත්තක් වශයෙන් මිස ඊට කිසිදු පදනමක් නොමැති බවත් ආරංචිමාර්ග පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇත්තේ ඒ මහතා ජනාධිපති ධුරයේ සිටියදී රජයේ මුදල් අවභාවිතා කරමින් ලන්ඩනයේ සංචාරයක නිරත වී ඇති බවට එල්ල වී ඇති චෝදනාවක් අනුව සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු වාර්තාව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW : නොවැම්බර් 30 දින...

හදිසිය යොදාවත් බඩු මිල පාලනය කරන්න !

උපාලි කොළඹගේ කොළඹ LNW:ආපදාවට පත්වූවන්ට සහන සැලසීම රජය හා නිලධාරි...

අර්බුදය ජය ගැනීම සඳහා සහාය වීම සඳහා සන් සියම් සමූහය ඇමරිකානු ඩොලර් 200,000 ක මුදලක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW:  වත්මන් අර්බුදය ජය ගැනීම...

සමඟිය ආණ්ඩුවට අපරාධ නඩු දාන්න සැරසෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණික තත්ත්වය මත ඇති වූ ආපදාවන්...