බ්‍රසීලයේ හිටපු ජනාධිපති බෝල්සනාරොට දඬුවම් කිරීම ‘දේශපාලනිකව මරණ දඬුවමක්’ – ජනාධිපති ට්‍රම්ප්

Date:

සටහන: සශිකලා මධුෂාණි

අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයේ 2022වසරේ පැවති ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය අවලංගු කිරීමට හමුදා කුමන්ත්‍රණයක් සැලසුම් කිරීමේ චෝදනාව මත මේ විට බ්‍රසීලියාවේ නිවාස අඩස්සියේ ජීවත් වන බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝට දඬුවම් කිරීම දේශපාලනික වශයෙන් මරණ දඬුවමක් බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

නිවර්තන කලාපයේ ට්‍රම්ප් ලෙස හඳුන්වන සිය සමීපතම මිත්‍රයා නිදහස්කර ගැනීම වෙනුවෙන් ජනාධිපති ට්‍රම්ප් මේවන විට බ්‍රසීල ආනයන සඳහා 50% ක තීරුබදු පනවා ඇති අතර බොල්සොනාරෝට එරෙහි නඩු විභාගය මායාකාරී දඩයමක් බව ප්‍රකාශ කර ඇත.

මෙම නඩු විභාගයේ සභාපතිත්වය දරන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඇලෙක්සැන්ඩ්‍රේ ද මොරායස් ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් 11 දෙනාගෙන් අට දෙනෙකුගේම ඇමරිකානු වීසා බලපත්‍ අවලංගු කර ඇති අතර වත්මන් ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලුලා ද සිල්වාගේ සමීපතම සගයෙකු වන සෞඛ්‍ය අමාත්‍ය ඇලෙක්සැන්ඩ්‍රේ පැඩිල්හාගේ බිරිඳ සහ 10 හැවිරිදි දියණියගේ ද ඇමරිකානු වීසා බලපත්‍ අහිමි කර ඇත.

ජනාධිපති බෝල්සනාරෝගේ ජංගම දුරකථනය පරික්ෂා කිරීමේදී ඔහු දේශපාලන රැකවරණය පතා ආර්ජන්ටිනාවට පලා යාමට සැලසුම් කර ඇති බවට තොරතුරු හා 2022 රජයට එරෙහිව හමුදා කුමන්ත්‍රණ සිදු කළ බවට තොරතුරු අනාවරණයව ඇති අතර මෙම නඩුව එළඹෙන සැප්තැම්බර් 2 වන දින ආරම්භ වී සැප්තැම්බර් 12 වන දින අවසන් වීමට නියමිතය.

කෙසේ නමුත් බ්‍රසීල ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලුලා ද සිල්වා විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ජනාධිපති ට්‍රම්ප්ට ප්‍රකාශ කර තිබුණේ, බ්‍රසීල අධිකරණය ස්වාධින ආයතනයක් වන බවත්, එහි ක්‍රියාත්මක වන නඩු කටයුතු වෙනුවෙන් කිසිවෙකුට මැදිහත් විය නොහැකි බවත්, ජනාධිපති ට්‍රම්ප් එක්සත් ජනපද ජනාධිපතිවරයා මිස ලෝක අධිරාජයා නොවන බව මතක තබා ගත යුතු බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නුවර – කොළඹ මාර්ගය නැවත දැනුම් දෙනතුරු පහළ කඩුගන්නාවෙන් වසා තැබේ !

සටහන - රුවන් නෙළුගොල්ල නුවර - කොළඹ ප්‍රධාන මාර්ගය පහළ...

ජනතාවගේ බදු සල්ලිවලින්ම බෙහෙත් ටික ගෙනල්ලා ජනතාවට දීගන්න මේ ආණ්ඩුවට තවමත් බැහැ – GMOA

සටහන - රුවන් නෙළුගොල්ල රෝහල්වල නොමැති ඖෂධ සහ වෛද්‍ය උපකරණ...

ශකීරාගේ නමින් කැස්බෑ පොසිලයක්!

සටහන – පුලී නොවැම්බර් 22, කොළඹ (LNW): කොලොම්බියානු පාෂාණ විද්‍යාවේ...

පහළ කඩුගන්නාවේ නායයෑම : මරණ සංඛ්‍යාව 6 දක්වා ඉහළට. මුදාගැනීමේ මෙහෙයුම අවසන්

සටහන - රුවන් නෙළුගොල්ල පහළ කඩුගන්නාව ගනේතැන්න ප්‍රදේශයේ අද (22)...