දේශපාලනයෙන් විශ්‍රාම යන්න තාම වෙලාව ආවෙ නෑ – මහින්ද

Date:

දේශපාලනයෙන් විශ්‍රාම ගැනීම සඳහා කිසිදු සූදානමක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. සුදුසු වේලාව පැමිණි පසු විශ්‍රාම යන බවත්, ඒ දක්වා දිගටම දේශපාලනයේ නිරත වන බවත් රාජපක්ෂ මහතා සඳහන් කරනවා.

දශක 05 කට අධික කාලයක් දේශපාලන ක්ෂේත්‍රයේ නිරතව සිටින මහින්ද රාජපක්ෂ මහතා මේ බව පවසා තිබෙන්නේ සතිඅන්ත පුවත්පතක් වෙත ප්‍රකාශයක් සිදු කරමිනි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා ලෙස තවදුරටත් කටයුතු කරන්නේද යන්න පිළිබඳව තීරණය කළයුත්තේ පක්ෂය බවත්, පක්ෂය ඉල්ලා සිටින්නේ නම් ඕනෑම අවස්ථාවක නායකත්වයෙන් ඉවත්වීමට සූදානම් බවත් මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරනවා. නායකත්වයෙන් ඉවත් වී නීතිඥ වෘත්තියේ නිරතවීමට හැකි බවද ඔහු පවසනවා.

පුවත්පත සිදුකළ විමසීමකදී මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා රටින් පිටව යාමට පෙර තමාගෙන් ඒ පිළිබඳව විමසා සිටියේ නම් ඔහුට කිසිසේතම එම ගමන යාමට ඉඩ ලබා නොදෙන බවයි. ඔහු ආරම්භ කළ ගමන අවසන් කළයුතුව තිබූ බවද හිටපු ජනාධිපතිවරයා පවසනවා.

ගෝඨාභය රාජපක්ෂ යනු දේශපාලනඥයෙකු නොවන බවත්, ඔහු ක්‍රියා කළේ විශේෂඥයන් ලබාදුන් උපදෙස් මත බවත් පෙන්වා දෙන මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ සියලු අර්බුදවලට ඔහු වගකිව යුතු නැති බවයි. ඒ සියල්ලටම තමා ඇතුළු හිටපු නායකයන් සියලුදෙනා වගකිව යුතු බවත් එබැවින් ඔහුට පමණක් දොස් පැවරීම නිවැරදි නොවන බවත් මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය