*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

පොහොට්ටුවට අබ සරණයි – යූඇන්පියට එදා වෙච්ච දේ හෙට පොහොට්ටුවට අත්වෙන්න පුලුවන් !

පසුගිය මහ මැතිවරණයේදී දැවැන්ත පරාජයක් ලබමින් එක් මන්ත්‍රී ධුරයක් පමණක් හිමිකර ගත් එක්සත් ජාතික පක්ෂය අද රටේ විධායක ජනාධිපතිවරයා නියෝජනය කරන පක්ෂයට බවට පත්ව ඇති බවත්, යළිත් එජාපය අළු ගසාදමා නැගී සිටිමින් තිබෙන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා පවසනවා.

ඉදිරියේදී සිරිකොත එජාප කාර්යාලය වෙත සමගි ජන බලවේගයේ අලි පෙරහැරක් මෙන්ම පොහොට්ටු පෙරහැරක්ද ගමන් කරන ලකුණු පෙනීයන බවද මන්ත්‍රීවරයා සඳහන් කරනවා. විශේෂයෙන් දූෂණ-වංචා චෝදනා එල්ල වී තිබෙන පොදුජන පෙරමුණේ දේශපාලනඥයන් විශාල පිරිසක් ඉදිරි ආරක්ෂාව පතා රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ එජාපයේ සෙවණට එකතුවෙමින් තිබෙන බවද එල්ලාවල මහතා ප්‍රකාශ කරයි.

විනාශ වී ගිය එජාපය ගොඩ ගැනීමට ඇති හොඳම අවස්ථාව එළඹ ඇති බව රනිල් වික්‍රමසිංහ මහතා කල්පනා කරමින් සිටින බවත්, සමගි ජන බලවේගයට මෙන්ම පොදුජන පෙරමුණටද අබසරණ බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

මෙම අනතුර නිවැරදිව හඳුනාගෙන නායකයන් අවශ්‍ය පියවර නොගතහොත් 2020 දී එක්සත් ජාතික පක්ෂයට අත් වූ ඉරණම පොදුජන පෙරමුණටද අත්වීමට ඉඩ තිබෙන බවට ලලිත් එල්ලාවල මහතා අනතුරු අඟවනවා.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan