නන්දා මාලනියට කළ හැකි උපරිම ගෞරවය වන්නේ ඇය සෑම විටම පෙනී සිටි සාමාන්‍ය ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂා කිරීමයි – විපක්ෂ නායක සජිත්

අප රටේ කලා ක්ෂේත්‍රයට සංගීත ක්ෂේත්‍රයට සංස්කෘතිය වෙනුවෙන් සුවිශේෂ මෙහෙවරක් ඉටු කළ නන්දා මාලනි මහත්මියගේ අභාවය සම්බන්ධයෙන් සිය කණගාටුව ඇයගේ පවුලේ සියලුම ඥාතීන්ට පළ කර සිටින බවත් කුඩා කළ සිට ඇයව සමීපව ඇසුරු කළ අයකු ලෙස ඇයගේ සංගීත කුසලතාව අති විශිෂ්ට ලෙස ඉහළ මට්ටමක තිබූ බවට හොඳින්ම දන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඇයගේ ගීතවල අන්තර්ගත වූ ජනතාවට දැනෙන, ජනතාවගේ හද ගැස්ම ඉදිරිපත් වෙන මහා දැවැන්ත සංකල්ප ඇයගේ ගීත තුළින් නිරූපණය වූ බවත් යොවුන් පරපුරේ තාරුණ්‍යයේ අයිතිවාසිකම්, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පාරට බැස සිය මතය ඉදිරිපත් කරන්න තිබූ නිදහස කෘරත්වයෙන් මිලේච්ඡත්වයෙන් තොර ජන ජීවිතයක් සේම සමාජ පීඩනය, සමාජ අසහනය දරිද්‍රතාව තුළින් නිර්මාණය වන දුක් කම්කටොලු ආදිය ඇයගේ විවිධ වූ ගීත තුළින් ඉස්මතු වූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිනි නන්දා මාලනි මහත්මියට අවසන් ගෞරවය දැක්වීම සඳහා එක්වූ අවස්ථාවේ දී මාධ්‍ය අමතමිනි.

තමා නිවාස අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ සංගීත ක්ෂේත්‍රයට කලා ක්ෂේත්‍රයට සේවාවක් ඉටු කරපු සහ කරන අයගේ නම්වලින් උදා ගම්මාන බිහි කරන්න කැමැත්තක් තිබූ බවත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ අමරදේව ශූරීන්ගේ නමින් ගමක් නිර්මාණය කළ ආකාරයට නන්දාමාලනී මහත්මියගේ නමින් සහ ලතා වල්පොළ මහත්මියගේ නමින් ගම් දෙකක් හදන්න කැමැත්තෙන් සිටියත් එම යෝජනාව එතුමියන් දෙදෙනාම ප්‍රතික්ෂේප කළ බවත් ඒ ආකාරයෙන් නිරහංකාර, සංවරශීලී සේම මහපොළොවේ පය ගසා සිටි කලාකරුවකු ලෙස ඇය හැඳින්විය හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තමා දරන මධ්‍යස්ථ දේශපාලන මාවත වන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ගමනට ඇයවත් සම්බන්ධ කරගන්න කැමැත්තක් තිබූ නමුත් ඇය එදා සිට දරපු මතයක් තිබූ බවත් ඒ මතයේම ඇය නොසැලී සිටි බවත් ඒ තුළින් ඇය ගැන තිබූ ගරුත්වය වැඩි වූ බවත් ඇය කිසිදු දිනක පෞද්ගලික වරදාන වරප්‍රසාද උදෙසා සිය ස්ථාවරය ඇය කිසිදින පාවා නොදුන් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විවිධ ආණ්ඩු කාලවල දී ඇයට රාජ්‍ය මාධ්‍ය තුළින් ලැබුණු ආවරණය පවා අහිමි වූ නමුත් ඇය කිසිදු දිනක සිය ප්‍රතිපත්ති පාවා නොදු බවත් සෘජුව සිය ප්‍රතිපත්තිය වෙනුවෙන් පෙනී සිටීම අති විශිෂ්ට ගුණාංගයක් බවත් ඇයගේ වියෝව සමස්ත රටටම සේම කලා ක්ෂේත්‍රයටම පාඩුවක් බවත් ඇය අපේක්ෂා කළ විමුක්තිය වෙනුවෙන් පරිත්‍යාග රැසක් කළ බවත් ජන සමාජයේ සෑම ස්ථරයක් වෙනුවෙන් ම ඇය හඬ නැගූ බවත් ඇයට කළ හැකි ලොකුම යුතුකම වන්නේ සාමාන්‍ය ජනතාවට වුණු පොරොන්දු ඉටු කිරීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිරන්තිව අධිකරණයට රැගෙන යයි!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අද...

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව විරෝධතාවක්!

කොළඹ LNW:පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුලත් කර තිබූ ත්‍රස්තවාදයෙන් රාජ්‍යය...

ලොව නිදහස්ම ආර්ථිකය ලෙස හොංකොං විශේෂ පරිපාලන කලාපය යළිත් ඉදිරියෙන්!

කොළඹ LNW:ලොව නිදහස්ම ආර්ථිකය ලෙස හොංකොං විශේෂ පරිපාලන කලාපය...