ෆොන්සේකාට සජබෙ තරුණ මන්ත්‍රීවරුන් පිරිසකගෙන් චෝදනා

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  අලුත් දේශපාලන පක්‍ෂයක් ගොඩනඟන බවට කරන ප්‍රකාශ ගැන සහ තමන් නිර්පාක්ෂික යැයි කරන ප්‍රකාශ පිළිබඳ සමගි ජන බලවේගය පක්‍ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතාගෙන්  වහාම ප්‍රශ්න කළ යුතු යැයි සමගි ජන බලවේගය තරුණ මන්ත්‍රීවරුන් පිරිසක් එහි ජ්‍යෙෂ්ඨයන් වෙත දැනුම් දී ති බව තොරතුරු වාර්තා වේ.

සජබ සභාපති ලෙස කටයුතු කරන ෆොන්සේකා මන්ත්‍රීවරයා, තමන් නිර්පාක්‍ෂික පුද්ගලයකු යැයි පසුගියදා කියා තිබීම අනුමත කළ නොහැකි බවත්, පක්‍ෂයේ සභාපති ලෙස එවැනි ප්‍රකාශ සිදු කිරීම ගැන වහා ප්‍රශ්න කළ යුතු බවටත් තරුණ මන්ත්‍රීවරුන්ගේ අදහස වී ඇති අතර මන්ත්‍රීවරුන් පවසා ඇත්තේ , පසුගිය මහ මැතිවරණයේ දී සජබ මන්ත්‍රීවරයකු ලෙස පත්වූ ඔහු නව දේශපාලන පක්‍ෂයක් පිහිටුවනුයේ කෙසේද යන්න දැඩි ගැටලුවක් බවත්, ඔහු එසේ සිදුකරන්නේ නම් ප්‍රථමයෙන් සජබයෙන් ඉවත් විය යුතු බවත්ය.

සමඟි ජනබලවේගය පක්‍ෂයේ සභාපති වුවද ඔහු සජබ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම් ද දිගින් දිගට මඟහරින බවත් එබැවින් ඔහු පිළිබඳව වහාම පරීක්‍ෂණයක් කළ යුතු බවත් ඔවුන් යෝජනා ඉදිරිපත් කර ඇති බව තොරතුරු වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...