ෆොන්සේකාට සජබෙ තරුණ මන්ත්‍රීවරුන් පිරිසකගෙන් චෝදනා

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  අලුත් දේශපාලන පක්‍ෂයක් ගොඩනඟන බවට කරන ප්‍රකාශ ගැන සහ තමන් නිර්පාක්ෂික යැයි කරන ප්‍රකාශ පිළිබඳ සමගි ජන බලවේගය පක්‍ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතාගෙන්  වහාම ප්‍රශ්න කළ යුතු යැයි සමගි ජන බලවේගය තරුණ මන්ත්‍රීවරුන් පිරිසක් එහි ජ්‍යෙෂ්ඨයන් වෙත දැනුම් දී ති බව තොරතුරු වාර්තා වේ.

සජබ සභාපති ලෙස කටයුතු කරන ෆොන්සේකා මන්ත්‍රීවරයා, තමන් නිර්පාක්‍ෂික පුද්ගලයකු යැයි පසුගියදා කියා තිබීම අනුමත කළ නොහැකි බවත්, පක්‍ෂයේ සභාපති ලෙස එවැනි ප්‍රකාශ සිදු කිරීම ගැන වහා ප්‍රශ්න කළ යුතු බවටත් තරුණ මන්ත්‍රීවරුන්ගේ අදහස වී ඇති අතර මන්ත්‍රීවරුන් පවසා ඇත්තේ , පසුගිය මහ මැතිවරණයේ දී සජබ මන්ත්‍රීවරයකු ලෙස පත්වූ ඔහු නව දේශපාලන පක්‍ෂයක් පිහිටුවනුයේ කෙසේද යන්න දැඩි ගැටලුවක් බවත්, ඔහු එසේ සිදුකරන්නේ නම් ප්‍රථමයෙන් සජබයෙන් ඉවත් විය යුතු බවත්ය.

සමඟි ජනබලවේගය පක්‍ෂයේ සභාපති වුවද ඔහු සජබ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම් ද දිගින් දිගට මඟහරින බවත් එබැවින් ඔහු පිළිබඳව වහාම පරීක්‍ෂණයක් කළ යුතු බවත් ඔවුන් යෝජනා ඉදිරිපත් කර ඇති බව තොරතුරු වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුණාටුවෙන් බලපෑමක් නැහැ.නිෂ්පාදන හා සේවා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකයට අනුව 2025 දෙසැම්බර් මාසයේ...

අපි දකින ලෝකය වත්මන් ආණ්ඩුව දකින ලෝකයට වඩා ගොඩක් වෙනස්: නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක ජනවාරි 19, කොළඹ LNW : රටක් ලෙස නවීකරණය...

මොඩියුල ප්‍රශ්නය – ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිවාර්ය නිවාඩු යවයි !

ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය දර්ශන සමරවීර...

කාබුල්හි පිපිරීමක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇෆ්ගනිස්ථානයේ කාබුල්හි සිදු...