සංවර්ධනය කරපු නායකයින්ට අද හොරු කියනවා –  සාගර කාරියවසම්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මේ රට විනාශ කරපු කණ්ඩායමක් කිසිම පදනමකින් තොරව රට සංවර්ධනය කරපු නායකයින්ට,  තම පක්ෂයේ හිටපු නායකයින්ට හොරු කියන බව පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී  නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද දින (2023.08.21) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා,

“පහුගිය සතියේ අපි අපේ පළාත් පාලන ආයතනවල හිටපු පළාත් පාලන ප්‍රධානීන් තිස් දෙනෙකු සමඟ ජනාධිපතිවරයා මුණගැහෙන්න ගියා. දැන් පළාත් පාලන ඡන්දයට නාමයෝජනා ලබාදිලා සෑමදෙනාම අපේක්ෂකයින් ලෙස ඉන්නේ.
මේ අපේක්ෂයින් ලෙස ඔවුන්  ඉදිම මේ අවස්ථාව වන කොට ලොකු ප්‍රශ්නයක් වෙලා තිබෙනවා.පළාත් පාලන ඡන්ද විමසීමට නාමයෝජනා භාරදීපු සියලුම අපේක්ෂකයින්ට මේ වන කොට ඔවුන්ගේ සුපුරුදු සමාජ කටයුතුවල යෙදෙන්නට නොහැකි තත්වයකට පත්වෙලා තිබෙනවා. මේ  පළාත් පාලන ආයතනවල මන්ත්‍රිවරු හැටියට හිටියේ දේශපාලනයට එන්න කලිනුත් බොහෝම සමාජ සේවා කටයුතු සහ සමාජය සමඟ ගැටෙන කටයුතුවල නිරතවෙච්ච පිරිසක්. මේ පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා දීම මත ඔවුන්ට තමන්ගේ සුපුරුදු සමාජ සේවා කටයුතුවලට තහංචි පැනවිලා තිබෙනවා.

ඒ වගේම ඡන්ද  පවත්වන්නෙත් නැහැ. ඒ වගේම ඔවුන්ට සුපුරුදු රැකියා ස්ථානයේ රැකියාව කරන්න අවස්ථාව නැති කරලා තිබෙනවා. මේ වගේ විවිධ ප්‍රශ්න රාශියක් තිබෙනවා. මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. අපි බලාපොරොත්තු වෙනවා මැතිවරණ  කොමිසමට ලිඛිත ඉල්ලීමක් කරන්න අද දිනයේ. පුළුවන්තරම් ඉක්මණට මුදල් අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කරලා මේ පළාත් පාලන ඡන්දය පවත්වන්න කියලා.

නමුත් යම් හෙයිකින් ඔබට හිතතෙනවානම් මේ ඡන්ද විමසීම ඉක්මණින් පවත්වන්න හැකියාව නැහැ කියලා වහාම මේ අපේක්ෂකයින්ට විවිධ තහංචි පනවමින් ඉදිරිපත් කරලා තිබෙන චක්‍රලේඛ අවලංගු කරන්න කියන ඉල්ලීම පක්ෂයක් හැටියට අපි කරන්න බලාපොරොත්තු වෙනවා. අපිට, අපේ පක්ෂයේ නායකයින්ට පුදුම විදිහට බොරු චෝදනා, අපහාස එල්ල කළා. මේ රට නිදහසින් පස්සේ වැඩියෙන්ම සංවර්ධනයකට යොමු කරපු , සංවර්ධනයක් මේ රටට ගෙනාපු නායකයෝ ඉන්නේ අපේ පක්ෂයේ.

නමුත් තමන්ට ඇමතිකම් තිබිච්ච අවස්ථාවේදිවත් කිසිම අවස්ථාවක මේ රට වෙනුවෙන් කිසිම දෙයක් කරන්න අසමත්වෙච්ච, කවදාවත් මේ රට වෙනුවෙන් කිසිම දෙයක් නොකරපු, මේ රට විනාශ කරපු කණ්ඩායමක් කිසිම පදනමකින් තොරව රට සංවර්ධනය කරපු නායකයින්ට විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ මැතිතුමාට , බැසිල් රාජපක්ෂ මැතිතුමාට සහ අපේ පක්ෂයේ හිටපු නායකයින්ට හොරු කියන, වංචනික කියන බොරු චෝදනා කරමින් කිසිම සාක්ෂියක් නොමැතිව බොරු චෝදනා කළා”

ලෙස හෙතෙම පැවසීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...