එක්සත් රාජධානියේ සංක්‍රමණ විරෝධී කෝලාහල ඇවිලවීම සම්බන්ධයෙන් පකිස්තානු ජාතිකයකුට එරෙහිව සයිබර් ත්‍රස්තවාදී චෝදනා

Date:

සටහන: සශිකලා මධුෂාණි,
අගෝස්තු 22, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් රාජධානියේ සංක්‍රමණ විරෝධී කෝලහාල ඇවිලවීම සම්බන්ධයෙන් 31 හැවිරිදි මෘදුකාංග ඉංජිනේරුවෙක් වන ෆර්හාන් අසීෆ් නම් පකිස්තානු ජාතිකයකුට එරෙහිව ත්‍රස්තවාදී චෝදනා ගොනුකර ඇති බව වාර්තා වේ.

පසුගියදා එක්සත් රාජධානියේ සවුත්පෝට්හි ගැහැණු ළමයින් තිදෙනෙකු මරා දැමූ මාරාන්තික පිහි ප්‍රහාරයක් සම්බන්ධයෙන් මුස්ලිම් සරණාගතයෙකු සැක කරන බවට අදාළ අසත්‍ය ලිපියක් ෆර්හාන් අසීෆ් විසින් පවත්වාගෙන යනු ලබන Channel3Now වෙබ් අඩවියේ පළ කිරීම සම්බන්ධයෙන් ඔහුට මෙලෙස චෝදනා එල්ල කර තිබේ.

මෙම චෝදනාවන් සම්බන්ධයෙන් පාකිස්තානයේ ෆෙඩරල් විමර්ශන ඒජන්සියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ජාත්‍යන්තර මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ, මුල් පරීක්ෂණවලින් පෙනී යන්නේ ඔහුගේ එකම අභිප්‍රාය වූයේ clickbait අන්තර්ගතය හරහා මුදල් ඉපයීම පමණක් වන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Celebrity Buzz: කින්ග් ඛාන් පවුලට මෙන්ම බොලිවුඩයට නව සන්ධිස්ථානයක් එක් කළ ආර්යන් ඛාන් ගේ “The Ba**ds of Bollywood”!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

මේ වසරේ ආරම්භ කළ ව්‍යාපෘති මේ වසරේදීම නිශ්චිත ඉලක්ක කරා මෙහෙය වන්න – ජනපති

නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයට 2025 වසරේ වෙන්...

ජාතික කනිෂ්ඨ ස්කොෂ් ශූරතාව මතීෂ විජේසේකරට සහ නෙත්මි වික්‍රමසිංහට

නිශ්මං රණසිංහ අගෝස්තු 25, කොළඹ LNW: ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනය විසින්...

සජිත් – මෛත්‍රී මුලසුනේ. විපක්ෂ නායක කාර්යාලයේ විශේෂ හමුවක්. රනිල් වෙනුවෙන් විපක්ෂයෙන් කමිටුවකුත් හදයි!

කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම තුළ...