*
Saturday, October 5, 2024
spot_img

Latest Posts

ප්‍රබල ව්‍යාපාරිකයන් පිරිසක් මාරුවෙලා – තලතාගේ ඉවත්වීමේ වාසිය කාට ද? ඡන්දය දිනන්නට වැදගත්ම කාරණා – ජාතික ලැයිස්තුවට පනින්න හදන ප්‍රබලයෝ – හැමෝටම දැනෙන බය? රනිල් ගෙන් සජිත්ට අනුරට අභියෝග – හොඳම කණ්ඩායම සජිත් ළඟ – ජනාධිපතිවරණයෙන් පසු මහමැතිවරණයත් සැලසුම් – බලතල ලේකම්ලාට ද?

  • ප්‍රබල ව්‍යාපාරිකයන් පිරිසක් මාරුවෙලා
  • තලතාගේ ඉවත්වීමේ වාසිය කාට ද?
  • ඡන්දය දිනන්නට වැදගත්ම කාරණා
  • ජාතික ලැයිස්තුවට පනින්න හදන ප්‍රබලයෝ
  • හැමෝටම දැනෙන බය?
  • රනිල් ගෙන් සජිත්ට අනුරට අභියෝග
  • හොඳම කණ්ඩායම සජිත් ළඟ
  • ජනාධිපතිවරණයෙන් පසු මහමැතිවරණයත් සැලසුම් – බලතල ලේකම්ලාට ද?

ජනිත සෙනෙවිරත්න (නිව් යෝර්ක් නුවර සිට)

නිව් යෝර්ක්, එක්සත් ජනපදය (LNW): ජනාධිපතිවරණ සටන දිනෙන් දින උණුසුම් වෙමින් පවතී. පිල් මාරු රැසකි. සජබ රත්නපුර දිස්ත්‍රික් නායිකා තලතා අතුකෝරල තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීම මෙහි අලුත්ම සිදුවීම විය. තලතා පිල්මාරු කර රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමග එක්වන බව මාස ගණනක් තිස්සේ කසුකුසු තිබුනද අවසානයේ ඇය මන්ත්‍රී ධුරයෙන් ඉවත්වූයේ එජාපය දෙකඩවීම ගැන කනගාටුව පලකරන අතරේ දෙපාර්ශවය යලි එක්වීමේ වැදගත්කමද කියමිනි. කෙසේ වෙතත් ප්‍රයෝගිකව ඒ සඳහා මේ අවස්ථාවේ ඉඩක් නොමැත. ජනාධිපතිවරණය කැඳවා ඇති නිසා එවැන්නක් සිදුවීමට අවස්ථාවක් ඇත්තේම නැත.

සැබෑ එජාප පාක්ෂිකයා කවුරුන් සමග සිටින්නේදැයි සැබවින්ම දැනගත හැක්කේ ජනාධිපතිවරණ ප්‍රතිඵලයෙනි.

මේ අතර සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල සිය ධුරයෙන් ඉවත්වීමෙන් පුරප්පාඩු වී ඇති මන්ත්‍රී ධුරයට හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වූ කරු පරණවිතාන පත්වීමට නියමිතය.

කරු පරණවිතාන මේ වනවිට චම්පික රණවකගේ නායකත්වයෙන් යුතු එක්සත් ජනරජ පක්ෂයේ දේශපාලන මණ්ඩල සාමාජිකයකු ලෙස කටයුතු කරයි.

ප්‍රබලයන් ගණනාවකට දැනෙන බිය

ජනාධිපතිවරණ සටන උණුසුම් වුවද ප්‍රධානපෙලේ දේශපාලනඥයින් වැඩි දෙනෙකු ඉන්නේ තම දේශපාලන අනාගතය ගැන බියෙනි. ජනතාව කුමන තීරණයක් මෙවර ගනී දැයි තවමත් කිව නොහැක. ඒ ඒ දේශපාලන කණ්ඩායම් වලට මැතිඇමතිවරුන් සහය දුන්නත් ජනතාව කොතන ඉන්නවාදැයි තවමත් කිව නොහැකි තරමට තත්වය අවිනිශ්චිතය. බොහෝ දේශපාලනඥයින් පසුගිය කාලය පුරා මැතිවරණ ජයග්‍රහණය කලේ තමන් තරග කල පක්ෂයේ ජනප්‍රියතාවය මතය. පක්ෂය හෝ නායකත්වය ඉදිරියට දමා මැතිවරණ ජයග්‍රහණය කල බොහෝ දෙනෙකු මෙවර මෙතෙක් තමන් නියෝජනය කල පක්ෂ අතහැර මෙතෙක් තමන්ගේ දැවැන්ත විවේචනයට පාත්‍ර වූ පක්ෂ තෝරාගෙන තිබේ. මේ නිසා ගැලරිය සනසන්නට බොරුබේගල් ඇද දමමින් තමන් පිටකළ වචන අද ඇතැමුන්ට ඇද ගන්නට නොහැකිව අසරණ වී තිබේ.

උදාහරණයක් ලෙස වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට ප්‍රසිද්ධියේ අපහාස කල අවලාද නැගූ දේශපාලනඥයින්ට අද රනිල් වික්‍රමසිංහයන්ගේ ගුණ ගයමින් ඔහු පසුපස යන්නට සිදුවීම දෛවයේ අපූරු සරදමකි. රනිල් ට මහා බැංකු හොරා කියපු බොහෝදෙනෙකුට අද රනිල් හැර වෙනත් වීරයෙකු ලොවේ නැත. රනිල් හිරේ දමන තුරු නින්ද නොයන බව පැවසු අය අද රනිල්ගේ අගසව්වරු වී තිබේ. එදා මහබැංකු ගනුදෙනුව ගැන පොත් අච්චු ගැසූ එක්තරා දේශපාලනඥයෙකු තමන් කිසිදා එවැනි චෝදනාවක් රනිල්ට සිදු නොකළ බව පසුගියදා ප්‍රකාශ කර තිබිණි. අද මේ අය පවසන්නේ සැබෑවක් නම් එදා යහපාලන ආණ්ඩුව බිඳ දමන්නට හේතුවූ මේ චෝදනා ගැන ඊට අදාල පාර්ශව හේතු දැක්විය යුතුව තිබේ.

ප්‍රතිපත්ති මත දේශපාලන පිල්මාරු සිදුවිය හැකි වුවද බහුතරයක් සිදුවන්නේ එවැනි ප්‍රතිපත්ති මතදැයි යන්න ගැටලුවකි.

මේ දිනවල මාධ්‍යවල එදා සහ අද වෙනස ප්‍රචාරය වෙද්දී ජනතාව අන්දුන්කුන්දුන් වෙති. එවැනි දේශපාලනඥයින්ගේ වචන ජනතාව තවදුරටත් විශ්වාස කරනු ඇත්දැයි කිවහැක්කේ මැතිවරණ ප්‍රතිඵල බලලාය. මේ අතර මෙවර ජාතික ලයිස්තුවේ පිහිට පතන්නට සිතා සිටින ප්‍රබලයන් ගණනාවකි.

ඡන්දය දිනන්නට වැදගත්ම කාරණා

මෙවර ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කරන්නට නියමිත ලක්ෂ 171 න් සියයට 69 ක් සිංහල බෞද්ධ ඡන්ද වේ. සියයට හතක් කතෝලික ඡන්ද වේ. දෙමල හා මුස්ලිම් ඡන්ද සියයට 24 කි. වයස අවුරුදු 18 ත් 28 ත් අතර ඡන්ද දායකයෝ ලක්ෂ 36 කි. මෙයින් සැලකිය යුතු ප්‍රමාණයක් රැකියා සඳහා විදෙස් ගතව සිටිති. ලක්ෂ 171 ක් වන පිරිසෙන් ආසන්න වශයෙන් සියයට අසුවක් පමණ එනම් ලක්ෂ 140 කට ආසන්න ප්‍රමාණයක් ඡන්දය භාවිත කරනු ඇතැයි සැලකේ. රට තුල ඇති සමස්ත පවුල් ප්‍රමාණය ලක්ෂ 56 කි. මෙයින් සියයට හැටකට අසන්න ප්‍රමාණයක් කවර හෝ සහනාධාර ලබන බවද පැවසේ. මෙවර මැතිවරණයක් වසර ගණනාවකට පසු පැවැත්වෙන බැවින් ද අරගලයෙන් පසුව රටේ ජනතා සිතුම් පැතුම් මෙන්ම ප්‍රශ්න මුළුමනින්ම වෙනස් ස්වභාවයක් ගන්නා බැවින් ජනමතය කවර ආකාරයකට ගමන් කරාවිදැයි සැක සහිතය. එසේම මෙවර අන්කවරදාකටත් වඩා ප්‍රධාන පාර්ශව හතරක් මැතිවරණයේදී තරග වැදීම ජනතාවට නව අත්දැකීමකි.

එක් ඡන්දහිමියෙකුට වැයකළ හැකි උපරිම මුදල රුපියල් 109ක්

ජනාධිපති අපේක්ෂකයෙකුට මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා එක් ඡන්දහිමියෙකුට වැයකළ හැකි උපරිම මුදල රුපියල් 109ක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
2023 අංක 3 දරණ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතේ තුන්වන වගන්තිය යටතේ ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා තරග කරන අපේක්ෂකයෙකු විසින් ඡන්දහිමියෙකු වෙනුවෙන් වැයකළ යුතු වියදම් සීමාව විශේෂ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත්කර තිබේ.

සියලු පිළිගත් දේශපාලන පක්ෂ අපේක්ෂකයින්, වෙනත් දේශපාලන පක්ෂ අපේක්ෂකයින් සහ ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදුන් අපේක්ෂකයින් සමග සාකච්ඡා කර මෙම වියදම් සීමාවන් තීරණය කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

ඒ අනුව ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචි එක් ඡන්දහිමියෙකු වෙනුවෙන් රුපියල් 109කට නොවැඩි මුදලක් එක් අපේක්ෂකයෙකු විසින් සිය මැතිවරණ ප්‍රචාරක වියදම් ලෙස වැයකළ හැකි වන අතර වියදම් කළ හැකි උපරිම සීමාව රුපියල් එකසිය අසූ හයකෝටි අසූ දෙලක්ෂ 98,586ක් වන බව සඳහන්ය.

ජනාධිපති අපේක්ෂකයෙකුට එම මුදලෙන් සියයට 60ක් හෙවත් රුපියල් එකසිය දොළොස් කෝටි නවලක්ෂ 79,151යි ශත 60ක මුදලක් සිය ප්‍රචාරක වියදම් ලෙස දැරිය හැකි වේ.

ඊට අමතරව ඉතිරි සියයට 40 හෙවත් රුපියල් හැත්තෑහතර කෝටි හැත්තෑ තුන්ලක්ෂ 19,434යි ශත 40ක මුදලක් අපේක්ෂකයාගේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් පිළිගත් දේශපාලන පක්ෂයක හෝ වෙනත් දේශපාලන පක්ෂයක ලේකම්වරයාට හෝ අපේක්ෂකයෙකු නාමයෝජනා කළ ඡන්දහිමියාට වැයකළ හැකි බව මැතිවරණ කොමිශන් සභාව නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් වේ. මැතිවරණ ප්‍රචාරක වියදම් ඇතුළත් වියදම් වාර්තාව මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කර දින 21ක් ඇතුළත මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදිය යුතු වේ. එහෙත් සැබෑ ලෙසටම ඇතැම් ප්‍රධාන අපේක්ෂකයන් මීට වඩා වැඩි මුදලක් මැතිවරණ ව්‍යාපාරයට වියදම් කරන බව පැවසේ. ප්‍රචාරණ කටයුතු හා සමාජ මාධ්‍ය වෙනුවෙන් මෙවර වැඩිම මුදලක් වැයවේ. මේ අතර දේශපාලන පක්ෂ සඳහා දායකත්වයන් ලබාදීමේ ගැටලුව නිසා ප්‍රබල ව්‍යපාරිකයන් කීපදෙනෙකුම මේවන විට විදේශ ගතවී ඇතැයිද පැවසේ. මේ පිරිසෙන් වැඩි දෙනෙකු ජනාධිපතිවරණයෙන් පසු යලි ශ්‍රීලංකාවට පැමිණීමට නියමිතව තිබේ.

දේශපාලන පොරොන්දු ඉටුකරන්නට බදු බර තවත් ඉහළට?

කෙසේ වෙතත් මේ වන විට ප්‍රධාන අපේක්ෂකයන් විවිධ පොරොන්දු වලින් ජනතාව නහවමින් සිටිති. මේවා ඉටුකළ හැකි පොරොන්දු දැයි දන්නේ ඔවුන්ම පමණි. මේ කිසිවකුත් අදාළ අපේක්ෂකයන් තම තමන්ගේ වත්කම් වලින් පිරිනමනවා නොව මහජන බදුමුදලෙන් ලබාදෙන ඒවා බව ජනතාවට රහසක් නොවේ. එම නිසා මේ පොරොන්දු ලබා දෙන්නට නම් යලිත් වරක් බදු වැඩිකිරීම හෝ බඩුමිල ඉහල නැංවීම හැර වෙනත් විකල්ප නැත.

දිනේෂ්ලාගේ නව සන්ධානයට ලන්සා කණ්ඩායම ඇතුලු කණ්ඩායම් රැසක්

එළැඹෙන ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදීමට ඉදිරිපත් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු හා දේශපාලන පක්ෂ එක්ව ඉදිරියේදී නව දේශපාලන බලවේගයක් බිහි කිරීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ගේ ප්‍රධානත්වයෙන් සිදු කරන්නට නියමිතය.

මේ වන විට ශ්‍රීලංකා පොදු ජන පෙරමුණ තම පක්ෂයෙන් ඉවත්ව රනිල් වෙත ගොස් සිටින මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට උත්සහ ගනිමින් සිටිති. එම නිසා ඉදිරි මහමැතිවරණය සඳහා තරග කරන්නට කිසියම් හෝ සන්ධානයක අවශ්‍යතාවය ඔවුන්ට තිබේ. ලන්සලගේ නව සන්ධානය මෙන්ම සජබයෙන් කැඩුණු කණ්ඩායම ඇතුළු පාර්ශව ගණනාවකට මැතිවරණයට තරග කිරීම සඳහා මෙම සන්ධානයට එක්වන්නට සිදුවනු ඇත.

ජනපති රනිල් සමග එක්වූ වඩිවේල් සුරේෂ් ට හා අලි සහීර් මවුලානාට ඇමති ධුර

ජනපති රනිල් සමග එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් කම්කරු රාජ්‍ය අමාත්‍යාවරයා ලෙස ද පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සහීර් මවුලානා ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසද දිවුරුම් දී තිබේ. ඇතැම්විට තවත් කීපදෙනෙකුට ඉදිරි දින කීපයේදී ඇමතිධුර ලැබීමට හැකියාව තිබේ. කෙසේ වෙතත් ජනාධිපතිවරයාට සහය දෙන්නට අලුතින් එක්ව සිටින පොහොට්ටු කණ්ඩායමේ කිසිවෙකුට තවමත් ඇමතිධුර ලැබී නොමැත.

සජිත්-අනුර හැංගුන තැන වහා හෙළි කරන්න – ජනපතිගෙන් අභියෝගයක්

ඉන්ධන ගෑස් විදුලිය නැතිව ජනතාව දුක් වින්ද කාලයේ ඔවුන් බේරා ගැනීම සඳහා ඉදිරිපත් නොවී සැඟවී සිටියේ කොහේදැයි යන ප්‍රශ්නයට වහා පිළිතුරු දෙන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ අනුරාධපුරයේදී සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායකට අභියෝගයක් කෙළේය.

රට සහ ජනතාව අමාරුවේ වැටී සිටි මොහොතේ අභියෝගය බාර නොගෙන පලා ගියේ මන්දැයි යන ප්‍රශ්නයට සජිත් සහ අනුර පැහැදිලි පිළිතුරක් ලබාදිය යුතු බව කී ජනාධිපතිවරයා, ඊට පිළිතුරු දෙන්නට අසමත් නම් තම වේදිකාවට පැමිණ මගේ දෙපසින් දෙපසින් වාඩි වී සිටින්නැයි ඔවුන්ට පවසන බව ද සඳහන් කළේය.

ඉන්ධන, ගෑස්, විදුලිය ප්‍රශ්න යන ප්‍රශ්නවලට තමා මේ වන විට සාර්ථකව පිළිතුරු ලබා දී ඇති බව ද, අද කටින් වැඩ පෙන්වන නායකයන්ට එදා ජනතාවගේ දුක තේරුනා නම් ආණ්ඩු බලය ගෙන ඒ ප්‍රශ්න විසඳන්න තිබූ බව කී ජනාධිපතිවරයා, තිබෙන ආණ්ඩුව ඉවත් වුනොත් එය බාරගන්නට විපක්ෂ නායකට මෙන්ම විපක්ෂයේ සෙසු නායකයන්ට යුතුකමක් තිබෙන බව සඳහන් කළේය. රට ආර්ථික අතින් අන්තයටම අද වැටුණු මොහොතේ සජිත් – අනුර ඇතුළු විපක්ෂයේ සෙසු නායකයන් සිටියේ කොහේද යන ප්‍රශ්නයට වහා පිළිතුරු දිය යුතුව ඇතැයි කී ජනාධිපතිවරයා , ඊට පිළිතුරු දෙන්නට බැරි නම් ඔවුන්ට මැතිවරණයට ඉදිරිපත් වීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැතැයි පැවසීය.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් අතර ඇති මත ගැටුම් වහාම අමතක කර ජයග්‍රහණය සඳහා කැප වෙන්නැයි එජාප ප්‍රබලයන් පිරිසකට ජනාධිපතිවරයා අවවාද කර ඇති බවද දැනගන්නට තිබේ.

හොඳ ම කණ්ඩායම ඉන්නෙ මාත් එක්ක – සජිත් ප්‍රේමදාස

ආර්ථික ව්‍යසනයට අගාධයකට ලක් වූ අප රට ගොඩගත හැකි දැනුම කුසලතාව නිපුණතාව ඇති හොඳ ම කණ්ඩායම සිටින්නේ තමා සමග බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ කොළඹ ෂැංගිලා හෝටලයේ පැවැති ජාතික වෘත්තිකයන්ගේ කවුන්සිලය (NCP) විසින් සංවිධනය කර තිබූ ශ්‍රී ලංකාවේ වර්ධන අවස්ථා විකේතනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ආර්ථික හා ව්‍යාපාරික ක්ෂේත්‍රවල වෘත්තිකයන්, ව්‍යවසායකයින් සහ අනාගතවාදීන්ගේ අදහස් හුවමාරු කර ගන්නා හමුවක් අමතමිනි.

එහි දි වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා;

විශේෂයෙන්: මානුෂීය ධනවාදයත්, සමාජ ප්‍රජාතන්ත්‍රවාදයත් එකට එක් කර ගෙන රටක් ලෙස අපනයන කේන්ද්‍රීය ආර්ථික වර්ධනයක් තුළින් අප රට සෞභාග්‍යය සම්පන්න රටක් වගේ ම ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් ලබන රටක් බවට පත් කරලා එහි ප්‍රතිලාභ සමානාත්මතාව තහවුරු වන ආකාරයට සැවොම බෙදා ගත් ආර්ථිකයක් කරා මේ කණ්ඩායම සමග යන්න පුළුවන් බව මට විශ්වාසයි. ඒ නිසා මේ නව චින්තනය: මැද මාවත අනුගමනය කරමින්, සමාජ සාධාරණත්වය යුක්තිය ඉටු කරන නව මාවතකට ප්‍රවේශ වෙනවා. මෙහි දූෂණයට වංචාවට කිසිදු ඉඩක් නැහැ. ප්‍රසම්පාදන ක්‍රමවේද බැහැර කරමින්, අන්ත දුෂිත රාජ්‍ය ගනුදෙනු බැහැර කරමින්, දූෂණය මුලින් උපුටා දැනීමේ ආර්ථික නිදහස දිනා ගන්නා මෙහෙයුමට එක්වන ලෙස මම ඔබ සැමට ආරාධනා කරනවා.

පළමු රාජකාරිය – ආණ්ඩුව විසුරුවා හැරීම

ඉදිරි ජනාධිපතිවරණයෙන්ම ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක 50%කට වඩා වැඩි බහුතර ඡන්දයක් ලබාගෙන ජනාධිපතිවරයා බවට පත්වීම ස්ථිරව සිදුවන බව එම පක්ෂයේ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල් කාන්ත සඳහන් කරයි.

අනුර දිසානායක ජනාධිපතිවරණය ජයගෙන ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව පළමු රාජකාරිය වන්නේ පවතින පාර්ලිමේන්තුව විසුරුවා හැරීම බවත් හෙතෙම කියා සිටී.
ඊළඟට පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජනබලවේග නියෝජිතයන්ට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අති බහුතර බලයක් ජනතාව විසින් ලබාදෙනු ඇති බව ද හෙතෙම පැවසුවේය.

ජාතික ජන බලවේගය විසින් ගම්පොළ නගරයේදී පවත්වන ලද ජනාධිපතිවරණ ජනරැළියක් අමතමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.

අනුර දිසානායක ජයග්‍රහණය කළහොත් පාර්ලිමේන්තුව විසුරුවා අමාත්‍යංශ ලේකම්වරුන්ට බලය ලබාදී මහමැතිවරණය තෙක් රජය පවත්වා ගෙන යාමට සැලසුම් කර ඇති බව මාලිමා ආරංචි මාර්ගවලින් පැවසේ.

නාමල් ගෙන් නව සැලසුම් – කදිනල්තුමාත් මුණ ගැසෙයි

මෙවර ජනාධිපතිවරණය සඳහා පොදුජන පෙරමුණෙන් තරග කරන නාමල් රාජපක්ෂ මේ වන විට රටපුරා ගම්දනව් පුරා යමින් ජනතාව හමුවන්නට පටන් ගෙන තිබේ. ප්‍රධාන රැලි කීපයක්ද සමග සිදු කරන මේ කටයුත්තට ජනතා සහය ලැබෙමින් පවතී. මහින්ද රාජපක්ෂ මෙන් ජනතාවට සමීප වෙමින් නාමල් මෙසේ කටයුතු කරන්නේ ඇතැම්විට දීර්ගකාලීන සැලසුම් රැසක් සමග වන්නට පුළුවන. පොහොට්ටුවේ බහුතර මන්ත්‍රීවරු ජනාධිපති රනිල් සමග සිටියත් නාමල් තනිවම පොහොට්ටු සාමාජිකයා වෙත යාම හා පොහොට්ටුවේ නව දෙවන පෙළක් බිහිකිරීමත් ඉදිරි මහමතිවරනයකදී තීරණාත්මක වනු ඇත.

පොහොට්ටු පක්ෂයේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ පසුගියදා අති උතුම් මැල්කම් කාදිනල් හිමිපාණන් බැහැදැකීමට පැමිණ උන්වහන්සේ ගේ ආශිර්වාද ලබා ගන්නා ලදී.

තරුණ නායකයකු ලෙස ජනතාව නගාසිටවා රටේ අනන්‍යතාවය රැකෙන ලෙස වැඩකටයුතු කරනමෙන් උන්වහන්සේ ඔහුට අවවාද අනුශාසනා කළේය.

පාස්කු ප්‍රහාරය ට වගකිවයුතු අය සම්බන්ධයෙන් සොයා බැලීමට අධිකරණ බලතල සහිත ස්වාධීන කොමිෂන් සභාවක් පත් කිරීමේ අවශ්‍යතාවය උන්වහන්සේ එහිදී අවධාරණය කළ අතර නාමල් රාජපක්ෂ ද එම යෝජනාව අනුමත කරනු ලැබිය.
මේ අතර නාමල් රාජපක්ෂ සිය පියාණන් වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද එක්කරගෙන පවත්වන ලද අනුරාධපුරයේ මංගල රැස්වීම සාර්ථකව සිදු කරනු දක්නට ලැබිණි.

විජේදාස නඩු මගට

ජනාධිපතිවරණයේදී එක් අපේක්ෂකයකුට ඡන්දදායකයකු වෙනුවෙන් වියදම් කළ හැකි මුදල රුපියල් 109ක් ලෙස තීරණය කරමින් නිකුත් කළ ගැසට් නිවේදනයඅවලංගු කරන ලෙස ඉල්ලා මැතිවරණ කොමිෂන් සභාවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ හිටපු ඇමැති ජනාධිපති අපේක්ෂක විජයදාස රාජපක්ෂ තංගල්ලේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

මෙවර ජනාධිපතිවරණයේදී එක් ඡන්දදායකයකු වෙනුවෙන් වියදම් කළ හැකි උපරිම මුදල රුපියල් විස්ස හෝ ඊට ආසන්න සාධාරණ ප්‍රමාණයක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කරන ලෙස ඉල්ලා සිටීම ද මෙලෙස නඩු පැවරීමට හේතු වී ඇතැයි ජනාධිපති අපේක්ෂක විජයදාස රාජපක්ෂ සඳහන් කළේය. එමෙන්ම සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව හරස් වී ඇති බවද ඔහු කීවේය.

“2023 අංක 03 දරණ මැතිවරණ වියදම් නියාමන පනතට අනුව නීති විරෝධී ලෙස ඉපයූ දේපළ, රජයේ දේපළ, විදේශීය රටවලින් සහ සංවිධානවලින් මුදල් එවන්නේ මේ රටේ දේශපාලන ක්‍රමය අස්ථාවර කර බිඳ දමන්නයි. පාතාලයේ සහ කුඩු මුදලාලිලාගේ කුඩු සල්ලි, අනන්‍යතාව හෙළිදරව් නොකරන මුදල් මැතිවරණයේදී භාවිත කිරීම තහනම්. වටිනා නීතියක් ගෙනත් රටේ ජනතාව බලාපොරොත්තු වූ දේ මැතිවරණ කොමිෂම රිවස් කළා. මැතිවරණයේදී මුදල් වියදම් කිරීම ගැන ක්‍රමවේදය අපි පනතෙ ඇතුළු කළා. ඒත් එය නියම කිරීමේ බලය මැතිවරණ කොමිෂන් සභාවට ස්වාධීනව තීන්දුවක් ගන්න බලය දී තියෙනවා. අපිට පැහැදිලිවම පේනවා නීතිය අයුතු විදියට අර්ථ නිරූපණය කිරීමක් සහ වැරදි විදියට ගණන් නිගමනය කිරීමක් මැතිවරණ කොමිෂන් සභාව කර තියෙනවා. රුපියල් තුන්සීය හාරසීය ඉල්ලපු අපේක්ෂකයෝ කවදාවත් මුදල් ඉපයූ අය නෙවෙයි. ආදායම් බදු ගෙවන අය නෙවෙයි. ගිණුම්වල මුදල් නැහැ. එහෙනම් මේවා කළු සල්ලි. මැතිවරණය අවසානයේ ඉදිරිපත් කරන දිවුරුම් පෙත්සමේ ඒ මුදල් ප්‍රමාණය වියදම් කළ හැටි සහ ආව හැටි ඉදිරිපත් කරනවා කියලා. එය අනිවාර්යයි.

ජයග්‍රහණය කළ කෙනාද නැති කෙනාද කියලා අදාළ නැතුව ගිණුම්වල යම් වැරැද්දක් තියෙනවා නම් ඒ තැනැත්තන් සිරගත කිරීම සඳහා නීති ප්‍රතිපාදන පනතට ඇතුළු කර තියෙනවා.

ප්‍රධාන දේශපාලන පක්ෂවලින් ගේන අපේක්ෂකයෝ අමු අමුවේ නීති උල්ලංඝනය කරලා තමන්ගේ උපදේශකයා, තමන් ළඟ සිටි ඇමැතිවරයා, මන්ත්‍රිවරයා අපේක්ෂකයන් විදියට ඉදිරිපත් කර තියෙන්නේ යම් තැනැත්තෙක්ගේ මැතිවරණ ව්‍යාපාරය ප්‍රවර්ධනය කරන්නයි. මැතිවරණයේ නාම යෝජනා ඉදිරිපත් කරන අවස්ථාවේදීම නීතිය උල්ලංඝනය කරලා මේ රටේ නීතියක් ගෙනියන්න ජනාධිපති ධූරය ඉල්ලන මිනිස්සුන්ට පුළුවන්ද?”

කොලම්කරු හා සම්බන්ධ වීමට:
[email protected]
WhatsApp: +13472050049

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan