නවසීලන්තයේ වයිට් අයිලන්ඩ් ගිනිකන්ද සක්‍රිය වීමත් සමඟ ගුවන් ගමන් රැසක් නැවතී

Date:

සටහන: සශිකලා මධුෂාණි,
අගෝස්තු 22, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : නවසීලන්තයේ වයිට් අයිලන්ඩ් ගිනිකන්ද සක්‍රිය වීමත් සමඟ ගුවන් ගමන් 10ක් අවලංගු කර ඇති බව නවසීලන්තයේ ජාතික ගුවන් සේවය එයාර් නිව්සීලන්ඩ් ප්‍රකාශ කර තිබේ.

ගිනිකන්දෙන් නිකුත් වන ගිනිකඳු අළු ගුවන් මාර්ග හරහා ගසා ගෙන ගොස් ඇති අතර ගිනිකඳු දූපත නවසීලන්තයේ උතුරු දූපතෙන් කිලෝමීටර 50 ක් පමණ දුරින් සහ රටේ විශාලතම නගරය වන ඕක්ලන්ඩ් සිට කිලෝමීටර් 200 ක් පමණ දුරින් පිහිටා ඇත.

විද්‍යාඥයන්ප්‍රකශ කර තිබුණේ, නවසීලන්තයේ ප්‍රධාන දූපත් වල සිටින සමහර පුද්ගලයන්ට ගිනිකඳු වායු විෂ විය හැකි බවත්, එය ඔවුන්ගේ ඇස්වලට හෝ උගුරට බලපෑම් එල්ලවිය හැකි නමුත්, එහි බලපෑම සුළු විය හැකි බවයි.

නවසීලන්තය මේ මස මුලදී එහි ගිනිකඳු අනතුරු ඇඟවීමේ මට්ටම ඉහල නංවා තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තායිලන්තයේ දුම්රියක් මතට දොඹකරයක් කඩා වැටීමෙන් 32 දෙදෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): තායිලන්තයේ බැංකොක් සිට...

බුද්ධශාසන ඇමති ආචාර්ය සුනිල් සෙනවි වෑවිල අබලන් වැලමිටි වංගු දෙක අසල මාර්ගය නිරීක්ෂණය කරයි

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල්...

අධ්‍යාපන අමාත්‍යංශය කළ හදිසි දැනුම්දීමක්!

රෂිකා හෙන්නායක ජනවාරි 14, කොළඹ LNW : අධ්‍යාපන අමාත්‍යංශය විසින්...