ත්‍රස්තවාදී ක්‍රියා ‘සිතාගත නොහැකි තරමේ දුක්පීඩා රැල්ලක්’ නිර්මාණය කරලා – ඇන්ටෝනියෝ ගුටරෙස්

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 22, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ත්‍රස්තවාදයෙන් විපතට පත්වූවන්ට තම ගෞරවය පුදකරයි. ඔහු පවසන්නේ ත්‍රස්තවාදී ක්‍රියා ‘සිතාගත නොහැකි තරමේ දුක්පීඩා රැල්ලක්’ නිර්මාණය කර ඇති බවයි.

ජගත් සංවිධාන ප්‍රධානියා මේ බව කියාසිටියේ, අගෝස්තු 21 වැනිදා සැමරෙන ත්‍රස්තවාදයේ වින්දිතයින් සැමරීමේ සහ උපහාර දැක්වීමේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් පැවති උත්සවයකට වීඩියෝ ආකාරයෙන් පණිවුඩයක් නිකුත් කරමිනි. “අපි ත්‍රස්තවාදයෙන් දිවි අහිමිවූවන් සහ දිවි ගලවා ගත් අය සිහිපත් කර ගෞරව කරමු” යනුවෙන් හෙතෙම එහිදී ප්‍රකාශ කළේය.

ත්‍රස්තවාදී ක්‍රියාවලින් විනාශ කරදැමුණු පවුල්වල ජනතාව ඒ තත්ත්වයෙන් සදහටම පීඩා විඳින බව ද ඔහු පෙන්වා දුන්නේය. ත්‍රස්තවාදයේ වින්දිතයන් සැමරීමේ ජාත්‍යන්තර දිනය ජනතාවට සවන් දීමට සහ ඒ පිළිබඳ අධ්‍යයනය කිරීමට ලැබෙන අවස්ථාවකි. සැමවිටම බලාපොරොත්තුවේ ආලෝකය සෙවිය යුතු බව ද මහලේකම්වරයා කියාසිටියේය.

ත්‍රස්තවාදයේ වින්දිතයින් සැමරීමේ සහ උපහාර දැක්වීමේ ජාත්‍යන්තර දිනය ප්‍රකාශයට පත්කෙරුණේ 2017 වසරේ දෙසැම්බර් මාසයේ දී බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපන් වැසියෝ මහ මැතිවරණය හමුවේ දැඩි ආර්ථික පීඩනයකට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ පැවැත්වීමට නියමිත...

ආර්ථිකයේ කැපී පෙනෙන වෙනස්කම් කිහිපයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : ශ්‍රී ලංකා මහ...

2026 වසරේ මුල් භාගයේදී මෙරට සංචාරක ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : ශ්‍රී ලංකා සංචාරක...

ට්‍රම්ප්ගේ ජාතිවාදී වීඩියෝව සහ දේශපාලන ආන්දෝලනය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු ජනාධිපති බරක් ඔබාමා සහ...