කොළඹ උතුර – දකුණ දෙකොණටම ජය

Date:

සටහන – නිශ්මං රණසිංහ 

අගෝස්තු 22, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 17 න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවති තරගවලදී ගාල්ල කණ්ඩායමට එරෙහිව කඩුලු 9 ක ජයක් වාර්තා කිරීමට කොළඹ දකුණ කණ්ඩායම ද, දඹුලු කණ්ඩායමට එරෙහිව කඩුලු 3 ක ජයක් වාර්තා කිරීමට කොළඹ උතුර කණ්ඩායම ද සමත් වුණා.

කරන්දෙණිය යුද හමුදා ක්‍රීඩා පිටියේ පැවැති තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ගාල්ල කණ්ඩායම පන්දුවාර 34.3 කදී ලකුණු 119 කට සීමා කිරීමට කොළඹ දකුණු පන්දු යවන්නෝ සමත්වූහ. මෙහිදී පන්දු යැවීමෙන් හිමරු දේශාන් ලකුණු 18 කට කඩුලු 3 ක් දවා ගනිද්දී ඔසද මනහර සහ ගිම්හාන් මෙන්ඩිස් කඩුලු 2 බැගින් දවා ගත්හ.

එම ඉලක්කයට පන්දුවාර 21.3 පැමිණි කොළඹ දකුණ කණ්ඩායමේ දැවී ගිය එකම පිතිකරුවා වූයේ නායක රෙහාන් පීරිස් වන අතර ඔහු ලකුණු 21 කට දැවී ගියේය. ඉලක්කය සපුරා ගන්නා විට කොළඹ දකුණ කණ්ඩායමේ හිරන් මතීෂ ලකුණු 52 ක් සහ රුසඳ සිල්වා ලකුණු 31 ක් ලබා කඩුල්ලේ නොදැවී සිටියහ.

මේ අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී පළමුව පන්දුවට පහර දුන් දඹුලු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 7 කට ලකුණු 230 ක් රැස් කළේය. ඊට පිළිතුරු ලෙස කොළඹ උතුරු කණ්ඩායමට එම ඉලක්කයට පන්දුවාර 46.1 කදී කඩුලු 7 ක් දැවී සමීප වන්නට හැකි විය.

මෙහිදී දඹුලු කණ්ඩායම වෙනුවෙන් ඉනිම ආරම්භ කල හිමත් පණ්ඩිත්විතාරණ තරගාවලියේ පළමු අර්ධ ශතක ලාභියා බවට පත්වෙමින් පන්දු 133 කට මුහුණ දී, හතරේ පහර 7 ක් සමඟ ලකුණු 66 ක් ලැබුවද සෙසු පිතිකරුවන්ගේ දායකත්වය අවම වීම නිසා ඔවුන්කේ පළමු කඩුලු 7 ම ලකුණු 97 ක් තුළදී බිඳ වැටිණ. කෙසේ වෙතත් පසු පෙළ පිතකිරුවන් වූ ඉෂාන් ඛාන් (40), මුරලි තිසොන් (26), දිහාන් මුණසිංහ (26*) සහ චමෝද් ප්‍රභාෂණ (16) ලකුණු අතරට පිවිසීම නිසා දඹුල්ල ලකුණු පුවරුව ලකුණු 230 ක් දක්වා ඔසවා තබන්නට හැකි විය.

කොළඹ උතුරු පිලේ එකම පිතිකරවෙකු හෝ ලකුණු 50 සීමාව ඉක්මවාලීමට සමත් නොවී, නොම්බර 1 සිට නොම්බර 09 දක්වා පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසි සියලුම පිතිකරුවෝ ඉලක්කම් දෙකේ ලකුණු සංඛ්‍යා වාර්තා කිරීම නිසා ලකුණු 230 ඉලක්කයට පහසුවෙන් පිවිසිණ. 47 වැනි පන්දුවාරයේ පළමු පන්දුවේදී ඉලක්කය සපුරා ගැනීමට කොළඹ උථුර වෙනුවෙන්ආරම්භක පිතිකරුවා වූ කෞෂික තිලකරත්න පන්දු 48 කදී ලකුණු 43 ක් ලබා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූවේය.
උතුරු ඉනිමේ කඩුලු 5 ක් ලකුණු 134 ට අහිමි වුණත් දුමීන් ලියනාරච්චි සහ ළහිරු ලක්මාල් එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 64 කදී ලකුණු 63 ක් රැස් කිරීමට සමත්වීම නිසා ජය කණුව ආසන්නයට පැමිණිමට උතුරු පිලට අවස්ථාව උදාවිය.
පිත්තෙන් ලබාගත් ලකුණු 40 ට අමතරව පන්දුවෙන්ද දස්කම් දැක්වූ දඹුලු කණ්ඩායමේ ඉෂාන් ඛාන් ලකුණු 32 කට කඩුලු 3 ක් ද දවාලුවේය.


කොළඹ දකුණට සහ ගාල්ල අතර
ගාල්ල කණ්ඩායම පල්දුවාර 34.3 කදී සියලු දෙනා දැවී ලකුණු 119 යි – (සඳරු මල්ෂාන් 19, යසිරු ලක්ෂාන් 17, කවික මදුසංක 16, රවීන් සචින්ත 11, හිමරු දේශාන් 18/3, ඔසඳ මනහර 21/2, ගිම්හාන් මෙන්ඩිස් 30/2)
කොළඹ දකුණ පන්දුවාර 21.3 කදී එක් කඩුල්ලක් දැවී ලකුණු 122 යි – (හිරුන් මතීෂ 52*, රෙහාන් පීරිස් 21, රුසඳ සිල්වා 31*)

කොළඹ උතුරට සහ දඹුල්ල අතර තරගය
දඹුල්ල පන්දුවාර 50 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 230 යි – (හිමත් පණ්ඩිතරත්න 66, පුදසර අයෝද්‍ය 19, චමෝද් ප්‍රභාෂ 16, ඉෂාන් ඛාන් 40, මුරලි තිසොන් 26, ඩිල්හාන් මුණසිංහ 26*, ජනුල් ධම්හිරු 49/3, සවිඳු සත්සර 57/2)
කොළඹ උතුර පන්දුවාර 46.1 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 234 යි – (කෞෂික තිලකරත්න 43, කවිත ද සිල්වා 17, නවිඳු හෙට්ටිආරච්චි 20, සනුල් වීරරත්න 27, ලිතුම් සෙනුජ 12, ළහිරු ලක්මාල් 39, දුමීන් ලියනආරච්චි 27, දසිත් පෙරේරා 21, මනුග නෙත්සර 11*, ඉෂාන් කාන් 32/3)

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අත්අඩංගුවට ගත් රනිල් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට. දිලීප පීරිසුත් උසාවි එයි !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්ත්තුව විසින් අත් අඩංගුවට ගන්නා ලද හිටපු...

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනවා – ඇමති විජිත දින වකවානු එක්ක සහතික වෙයි!

කොළඹ LNW:ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බව විදේශ කටයුතු,...

මධ්‍යම තැපැල් හුවමාරුවට පොලීසිය කැඳවද්දී වැඩ වර්ජකයෝ සත්‍යග්‍රහයකුත් අරඹති!

කොළඹ LNW: නිරතව සිටින තැපැල් සේවකයින් කොළඹ මධ්‍යම තැපැල්...

හිටපු ජනාධිපති රනිල් අත්අඩංගුවට !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව අත් අඩංගුවට ගෙන තිබේ. ඒ...