22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එනවාට වඩා ආණ්ඩුව ජනතාව වෙනුවෙන් කළයුතු වෙනත් වැඩ තිබෙන බව හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ප්‍රශ්නය – 22 වැනි සංශෝධනය ගැන දැන් නිතරම කතාවෙනවා. ඔබතුමාගේ අදහස මොකක්ද මේ ගැන. අපි දැක්කෙ නෑ ඔබතුමා මේ ගැන වැඩිය කතා කරනවා ?
“නෑ ඉතින්, මීට වඩා වැඩ තියෙනවානෙ අපිට කරන්න. මේ 22 වැනි සංශෝධනය ගේනවට වඩා වැඩ මං හිතන්නෙ ආණ්ඩුවටත් කරන්න වැඩ තියෙනවා ජනතාවට. ඒවා කරලා ඉවරවෙලා ඉතින් ඕනෙ වගන්තියක් ගෙනාවාට කමක් නැහැ”
ප්‍රශ්නය – ඔබතුමා මේ කියන්න හදන්නෙ මේගොල්ලො මේ ප්‍රමුඛතාවය දෙන්න ඕනෙ ඒවාට නෙවෙයිද මේ ප්‍රමුඛතාවය දෙන්නෙ ?
“නෑ. ඒක තමයි අපිටත් ප්‍රශ්නෙ තියෙන්නෙ ඉතින්. ප්‍රමුඛතාවය දෙන්න ඕනෙ ප්‍රශ්න ගැන කතා කරන්නෙ නෑ. අනවශ්‍ය දේවල් තමයි ඉදිරියට ගේන්නෙ. අනිත් එක තමයි මිනිස්සුන්ට මේ ප්‍රශ්නෙට වඩා ප්‍රශ්න තියෙනවා. කන්න බොන්න නැතිව එහෙන් මිනිස්සු දුක් විඳිනවා. ඉතින් ඒ ප්‍රශ්න විසඳන්නෙ නැතිව මේ අනවශ්‍ය ප්‍රශ්න විසඳන්න ලෑස්ති වුණාම තමයි ප්‍රශ්නෙ”
මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (21) දිනයේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමිනි.


