සටහන: සශිකලා මධුෂාණි
අගෝස්තු මස 22: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලෝකයේ වේගවත්ම මිනිසා ලෙස ප්‍රකට ජැමෙයිකාවේ හිටපු ඔලිම්පික් ශූර උසේන් බෝල්ට් ඉරිදා ලීග් පාපන්දු තරගයකට ක්‍රීඩා කිරීමට සූදානම් වන බව වාර්තා වේ.
මැන්චෙස්ටර් ප්‍රදේශයේ Wythenshawe FC Veterans කණ්ඩායම සමඟ බෝල්ට් ක්‍රීඩා කිරීමට නියමිත අතර, එම කණ්ඩායමේ හිටපු ප්‍රිමියර් ලීග් තරු කිහිප දෙනෙකුද ඇතුළත්ව සිටීම විශේෂත්වයකි.
හිටපු ප්‍රිමියර් ලීග් ක්‍රීඩකයන් වන Emile Heskey, Antonio Valencia, Joleon Lescott, Danny Drinkwater සහ Marc Albrighton වැනි ක්‍රීඩකයන් මෙම කණ්ඩායම සමඟ සම්බන්ධ වී සිටිති.
පාපන්දු ක්‍රීඩාවට දිගු කලක් තිස්සේ උනන්දුවක් දැක්වූ බෝල්ට්, මලල ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව වෘත්තීය පාපන්දු ක්‍රීඩාවටද පිවිසීමට උත්සාහ කළ අතර බෝල්ට්ගේ වේගවත් ධාවන හැකියාව හේතුවෙන් ඔහුගේ මෙම නව පාපන්දු අත්දැකීම පිළිබඳව ක්‍රීඩා ලෝලීන් අතර විශාල උනන්දුවක් ඇතිව තිබේ.

