දකුණු ආසියානු අවුරුදු 17 න් පහළ සහ 15 න් පහළ බැඩිමින්ටන් සූරතාවලියේ අද දවස ශ්‍රී ලංකාව රනින් සහ රිදියෙන් නැහැවෙන දවසක් වනු ඇති.මේ වන විට වයස් ඛාණ්ඩ දෙකේම සූරතාවය දිනා සිටින ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ අතරින් අද කේවල,යුගල සහ මිශ්‍ර යුගල තරගවලදී අවසාන තරග නියෝජනයට විශාල පිරිසක් සුදුසුකම් ලබා ඇත.
අවසාන තරගවලට සුදුසුකම ලබා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගොන්නේ ශ්‍රී ලංකාවට රිදී පදක්කම සහ රන් පදක්කම යන පදක්කම් දෙකම හිමිවන තරග කිහිපයක් ද දැකිය හැකිය.ඒ එම අවසාන තරගය නියෝජනය කරන්නේ ශ්‍රී ලංකාවේම ක්‍රීඩක ක්‍රීඩිකාවන් බැවිනි.

අවුරුදු 17 න් පහළ කේවල බාලිකා අවසාන තරගයේදී ශ්‍රී ලංකාවේම රනිත්මා ලියනගේ සහ රනුමි මානගේ තරග වැදීමට නියමිතය.රනුමි,හිරුක අලුත්පටබැදීගේ සමඟ රනිත්මා සහ තිදැස වේරගොඩට එරෙහිව එන්නේ අවුරුදු 17 න් පහළ මිශ්‍ර යුගල තරගයේදී ය.15 න් පහළ අවසාන තරගයට නෙත්මි රත්නායක සහ සිතුලි රණසිංහ මුහුණ දීමට නියමිත අතර සුනෙත් නෙත්මිත පෙරේරා, නෙත්මි සමඟ සිතුලි සහ කෙනත් අරුග්ගොඩට එරෙහිව අවසාන තරගයට මුහුණ දෙන්නේ එම වයස් කාණ්ඩයේ අවුරුදු 15 න් පහළ මිශ්‍ර යුගල තරගයේදී ය. ඒ අනුව තරග අංශ හතරකදී ශ්‍රී ලංකාව රන් පදක්කම් දෙකක් සහ රිදී පදක්කම් දෙකක් දිනා ගන්නා බව අවසන් තරග ආරම්භ වීමටත් ප්‍රථම පැහැදිළිය.

නමුත් අවාසනාවන්ත ලෙස අවුරුදු 17 න් පහළ පිරිමි යුගල තරගවලදී ශ්‍රී ලංකාවේ යුගලයක් අවසන් තරගයට පැමිණ නැත.එහිදී අවසන් තරගය නියෝජනය කරන්නේ බංගලාදේශ යුගලයක් සහ නේපාල යුගලයක් ය.එසේම අවුරුදු 15 න් පහළ පිරිමි කේවල අවසාන තරගයේදී හමුවන්නේ බංගලාදේශයේම ක්‍රීඩකයින් දෙදෙනෙක්ය.එම තරග දෙකේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දකින්නට නොලැබීම කණගාටුදායක තත්ත්වයකි.දක්ෂතා ගැන ඇගයීම් දෙන ආකාරයටම මේ අඩුව නිවැරදි කර ගැනීම සඳහා සමස්ත බැඩිමින්ටන් පරිපාලනයේ අවධානය යොමුවීම ද අතිශයින් වැදගත්ය.
කෙසේ හෝ අවසාන තරග 10 ක් මේ වයස් කාණ්ඩ දෙකේ දී දකින්නට ලැබෙන අතර ඉන් අටකම ශ්‍රී ලංකා නියෝජනයක් තිබීම කැපී පෙනෙන සිදුවීමකි.
සටහන – නිෂ්මං රණසිංහ
