මාර්ග සංවර්ධන අධිකාරිය කිඹුලාවල STREET FOOD කඩහිමියන්ට දැනුම්දීමක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මාර්ග සංවර්ධන අධිකාරිය විසින් , කිඹුලාවල STREET FOOD අලෙවිසැල් දින 14ක් ඇතුළත ගලවා ඉවත්කරන ලෙස කඩහිමියන්ට දැනුම් දී තිබේ. එම කඩ  මාර්ගයේ ගමන් ගන්නා වාහනවලට බාධාවක් වන බවත් අනවසරයෙන් තට්ටු දෙකේ කඩ සාදා ඇති බවත් එයට හේතු වී ඇතැයි වාර්තා වේ.

එබැවින් රිය අනතුරු සිදුවන බවට පැමිණිලි දිනපතා ලැබෙන බැවින් මෙම තීරණය ගත් බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

කෙසේ වෙතත් කඩහිමියන් සඳහන් කර සිටියේ යම් ආයතනයකින් සිදුකරන නියාමනයකට යටත්ව අලෙවිසැල් පවත්වාගෙන යෑමට තමන් කැමති බවත්, මීට පෙර ද මෙම කඩ ඉවත් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය විසින් තීරණය කළ ද පසුව කඩහිමියන් අතර ඇති කරගත් එකඟතාවය මත අලෙවිසැල් පවත්වාගෙන යෑමට ඉඩ ලබාදුන් බවත් සඳහන් .

එහිදී STREET FOOD කඩ මාර්ගයෙන් තරමක් පස්සට ගැනීමට එකඟතාවය ඇති වුවද සමහර කඩ තවමත් මාර්ගය අවහිර වන සේ අලෙවිසැල් පවත්වාගෙන යන අයුරු එම ස්ථානයේ දැක්නට ලැබෙන  බැවින් මාර්ග සංවර්ධන අධිකාරිය මෙම තීරණය ගෙන ඇති බවයි පැවසෙන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාව ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත ප්‍රහාර එල්ල කරයි; සුදුකාරයා මෙවර පරාජය වනු ඇති බව ඉරානය කියයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 22; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්ස්ත් ජනපදය විසින්...

යුපුන්ගේ රිදමයට පැමිණීම

නිශ්මං රණසිංහ ජුනි 22, කොළඹ LNW: යුපුන් අබේකෝන් සිටියේ යම්...

ජ.වි.පෙ.ට යථාර්ථය සම්මුඛ වීම ….

මාලිමාව බලය සඳහා හෝ වෙන දෙයක් සඳහා හෝ බාහිර...

බංගලාදේශ නායක සන්ටෝ සහ දඟ පන්දු බල ඇණිය වැඩි ගෞරව දිනා ගත් තරගයක්

නිශ්මං රණසිංහ ජුනි 22, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...