මහේෂ්ගෙන් කලකට පසු අලුත් වැඩක් – හයිනර් මූලර් නාට්‍ය එකතුව එළිදැක්වීම අද

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

කවියෙකු, වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරයකු සහ නාට්‍ය පරිවර්තකයකු වන මහේෂ් කුමාර විසින් සංස්කරණය කරන ලද “හයිනර් මූලර් නාට්‍ය එකතුව” කෘතිය එළිදැක්වීම අද (23) පස්වරු 03.30 ට කොළඹ මහවැලි කේන්ද්‍රයේදී පැවැත්වේ.

ජර්මන් ජාතික නාට්‍යකරුවකු වන හයිනර් මූලර් විසින් සම්පාදනය කළ නාට්‍ය පිටපත් 11ක් මෙම කෘතියෙහි අඩංගු වේ.

මෙහිදී මහාචාර්ය සෞම්‍ය ලියනගේ සහ ආචාර්ය කංචුකා ධර්මසිරි විසින් දේශන පවත්වනු ඇත.

වැඩසටහන මෙහයවීම අමා විජේසේකර විසිනි.

මෙම අවස්ථාවට සහභාගී වන මෙන් වේදිකා නාට්‍ය කලාවට හිතැති, නාට්‍යකරණයට උනන්දු, නාට්‍යකරණය හදාරණ ඔබ සැමට ආරාධනා ….

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ADB වෙත නව මුහුණක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : ආසියානු සංවර්ධන බැංකුව...

ධර්ම ශ්‍රී කාරියවසම්ට එරෙහිව ඇමති නලින්ද නඩු පවරයි!

කොළඹ LNW:යූ ටියුබ් අන්තර්ගත නිර්මාණකරුවෙක් වෙන ධර්ම ශ්‍රී කාරියවසම්ට...

ලොව විශාලතම සමාජ මාධ්‍ය සමාගම් විසින් දරුවන්ගේ මානසික සෞඛ්‍යයට හානි කිරීම ගැන ඇමරිකාවේ දැඩි අවධානයට..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අමෙරිකානු එක්සත් ජනපදයේ Meta සහ YouTube වැනි...