වසරේ නැගී එන හොඳම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස වසන්ත යාපාට සම්මානයක්!

0
665

රෂිකා හෙන්නායක අගෝස්තු 23, කොළඹ (LNW):

ICONIC AWARD 2024 සම්මාන උළෙල පසුගියදා (20) මැති ඇමැතිවරුන්, කලාකරුවන්, මාධ්‍යවේදීන් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. එහිදී රූපවාහිනී ඇතුලු කලා ක්ෂේත්‍ර, මාධ්‍ය, ව්‍යවසායකත්ව, ආර්ථික සමාජ හා දේශපාලන ආදී විවිධ ක්ෂේත්‍ර ගණනාවක ප්‍රවීණතා දැක්වූවන් සම්මානයට ලක්කෙරුණා.

මෙහිදී දේශපාලන කාණ්ඩයේ වසරේ නැගී එන හොඳම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා සහ වසරේ හොඳම කැබිනට් අමාත්‍යවරයා ලෙස අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සම්මානයට පාත්‍ර විය.