23 -රාස්ස සහ පරාස්ස,24 – මූදු පුත්තු,25 – නරි බෑණා සමඟ ජසයා සහ ලෙංචිනා

Date:

සටහන – නිශ්මං රණසිංහ
අගෝස්තු 23, (LNW) කොළඹ :

හොඳම නාට්‍ය 3 ක් හොඳම රඟහලක යන උද්ධෘතය සමඟ අගෝස්තු 23,24 සහ 25 යන තෙදින තුළ ශ්‍රී ලංකාවේ නාට්‍ය ඉතිහාසයේ කතාබහට ලක් වූ නාට්‍ය ත්‍රිත්වයක ප්‍රදර්ශනයන් ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී දැක ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකා නාට්‍ය ප්‍රේක්ෂකයන්ට උදා වී ඇත.


ඒ අනුව රෝහණ දන්දෙනියගේ රාස්ස සහ පරාස්ස ශ්‍රීයන්ත මෙණ්ඩිස්ගේ නව අධ්‍යක්ෂණය යටතේ අගෝස්තු 23 වන දා පස්වරු 7.00 ට ලයනල් වෙන්ඩ්ට් රඟහලේ දී වේදිකා ගත වීමට නියමිතය.
වෛද්‍ය දීප්ති සාගරිකා ගලප්පත්ති අලුතින් අධ්‍යක්ෂණය කර ඇති ගුණසේන ගලප්පත්තිගේ මූඳු පුත්තු නාට්‍යය වේදිකා ගත වන්නේ අගෝස්තු 24 වන දා ය.ඒත් පස්වරු 7.00 ට ය.

අගෝස්තු 25 වන දා දයානන්ද ගුණවර්ධයන්ගේ නරි බෑනා සමඟ ජසයා සහ ලෙංචිනා ද එකවර වේදිකා ගත වන අතර ඒ සඳහා රඟහල් දොරටු ප්‍රෙක්ෂකයා වෙනුවෙන් විවර වන්නේ පස්වරු 7.00 ට ය.


මේ දිනවල මැතිවරණය සමඟ දේශපාලන පිටියේ කර්කශ කතා බහ මැද්දේ ගත කරන ඔබට, වඩාත් සෞන්දර්යාත්මකව දේශපාලනය සහ ජීවිතය දෙස බලන්නට මේ නාට්‍ය අත්දැකීම බෙහෙවින් වැදගත් වනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙනිසියුලාවේදී දෙවන තෙල් නවුකාවත් ඇමරිකාව අත්අඩංගුවට ගනී

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත්...

භාවිතය අත්හිටවූ ‘ඔන්ඩැන්සෙට්‍රොන්’ ගැන නවතම තීරණය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : උද්ගතව ඇති...

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ජාත්‍යන්තරව හිමිවූ 29 වන ඉහළම ගෞරවනීය සිවිල් සම්මානය ඕමානයෙන්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දීය අග්‍රාමාත්‍ය ...

ඉන්දියාවේ අධිවේගී දුම්රියක ගැටීමෙන් අලි ඇතුන් හත් දෙනෙකු මිය යයි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(20)...