*
Tuesday, September 17, 2024
spot_img

Latest Posts

අපිට විශ්වාසයි රනිල්ට මේ රට ගොඩගන්න පුළුවන් – මිලාන් ජයතිලක

කොළඹ LNW:බංකොලොත් දේශපාලන වටපිටාවක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකයා ආරක්ෂා කිරීමට ඉදිරිපත් වුණේ රනල් වික්‍රමසිංහ මහතා වන අතර අරගලය මොහොතේ වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිනි තැබුවද ඔහු රට හැර නොගිය බව පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතපවසුවේය.

රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ මැතිවරණයට සහය පළකරමින් අද (23) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීයි මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ.

මේ වන විට පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 93කට වඩා වැඩි ප්‍රමාණයක් රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළකරමින් සිටින අතර ඊට පළාත් සභා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුද ඇතුළත් වෙමින් සිටින බව ඔහු සඳහන් කළේය.

පසුගිය වසර දෙකක කාලය තුළ ලා අත්දැකීම් අනුව රනිල් වික්‍රමසිංහ මහතාට රට ගොඩනැගිය හැකි බව විශ්වාස බවයි මන්ත්‍රීවරයා තවදුරටත් ප්‍රකාශ කළේ.

”පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරු අනු තුනකට වඩා වැඩි ප්‍රමාණයක් අපි දැන් ඒකරාශී වෙලා ඉන්නවා,පළාත් සභා මන්ත්‍රීවරු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ඇතුළු සියලුම සංවිධාන අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. මැතිවරණ ප්‍රචාරණ කටයුතු අපි ආරම්භ කරලා තියෙනවා. අපි අග්‍රාමාත්‍යතුමාත් ප්‍රධානත්වයෙන් සන්ධානයක් විදිහට තමයි මේ කටයුත්තට සහයෝගය දෙන්නේ. පසුගිය අවුරුදු දෙකක කාලය තුළ අපිට තිබුණු අත්දැකීම් අනුව අපිට විශ්වාසයක් තියෙනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මේ රට ගොඩනගන්න පුළුවන් කියලා. දැන් සියලු දෙනාට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් එතුමා ඇති කරලා තියෙනවා. මම සජිත් ප්‍රේමදාස මැතිතුමාට අභියෝග කරනවා පුළුවන් නම් විදේශ රටකට ගුවන් යානයෙන් ගියපු වාර ගන්න පිළිබඳව අපිට කියන්න කියලා. එතුමාට විදේශ රටකට ගිහිල්ලා රාජ්‍ය නායකයෙක් හම්බෙන්නවත් මානසික ශක්තියක් නැහැ. එතුමාට ගුවන් යානයක යන්න ශක්තියක් නැහැ. අරගලේ වෙලාවේ එතුමා පැනලා ගියා. මිනිසුන් අමාරුවේ ඉන්න වෙලාවක පැනලා යන්නැතුව අභියෝග බාරගෙන රට භාරගත්තෙ රනිල් වික්‍රමසිංහ. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ගේ ගිනිතියපු වෙලාවේ අපි හිතුවා එතුමා පැනලා යයි කියලා. නමුත් එතුමාගේ ගේ ගිනි තියලාවත් එතුමා රට හැර ගියේ නැහැ.

සමගි ජන බලවේගය දැන් සිඟිති පක්ෂයක්. සමගි ජන බලවේගයේ සියලු දෙනා දැන් ගැලවිලා එනවා. බංකොලොත් දේශපාලන තත්ත්වයක් උඩ අපේ පාක්ෂිකයා ආරක්ෂා කරන්න ඉදිරිපත් වුණේ රනිල් වික්‍රමසිංහ.”යනුවෙන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේය.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan