නාමල්ගෙන් PAFFREL සංවිධානය වෙත ලිපියක්!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 23, කොළඹ (LNW):

ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව ඇති ප්‍රධාන අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති පිළිබඳව විවාදයක් පැවැත්වීමට PAFFREL සංවිධානය විසින් කර ඇති විවෘත ආරාධනය පිළිගන්නා බව නාමල් රාජපක්ෂ මහතා එම සංවිධානයේ අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා වෙත ලිඛිතව දන්වා ඇත.

ඒ පහත අයුරිනි.

රෝහණ හෙට්ටිආරච්චි මහතා අධ්‍යක්ෂ නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනනා ක්‍රියාකාරීත්වය (PAFFREL)

හිතවත් රෝහණ මහත්මයාණෙනි,

යෝජිත විවාදය සඳහා ආරාධනය පිළිගැනීම

ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව ඇති ප්‍රධාන අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති පිළිබඳව විවාදයක් පැවැත්වීමට ඔබ සංවිධානය විසින් කර ඇති විවෘත ආරාධනය පිළිගන්නා බව මෙයින් දන්වමි.

දියුණු ප්‍රජාතාන්ත්‍රික සමාජයක තිබිය යුතු මෙවැනි විවාදයක් පැවැත්වීමට ඔබ ගන්නා

ප්‍රගතිශීලී උත්සාහය අගය කරමි. අපේක්ෂකයන් සහ ඔවුන්ගේ ප්‍රතිපත්ති

සංසන්දනාත්මකව විමසා බැලීමේ හැකියාව එමගින් ජනරජයේ ජනතාවට හිමි වනු ඇත.

තාර්කික සහ මත පදනම් වූ හරබර විවාදයක් වෙනු ඇතැයි බලාපොරොත්තු වෙමි.

විවාදය පැවැත්වෙන වේලාව, දිනය, ස්ථානය සහ ආකෘතිය මාගේ කාර්ය මණ්ඩලය වෙත හැකි ඉක්මනින් දැනුම් දෙන මෙන් ඉල්ලා සිටිමි.

ඔබ වෙනුවෙන් – ඔබේ විශ්වාසී,

නාමල් රාජපක්ෂ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...

රුපියල් බිලියනය බැගින් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ඇමති නලින්දගෙන් විමල්ට එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: රුපියල් බිලියනය බැගින් වන්දි...

විදුලිය ඇනහිටීම්වල සිට ආහාර හිඟය දක්වා: ඇමරිකානු අවහිර කිරීම් කියුබාවේ ජීවිතය අඩපණ කරන ආකාරය

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...